Print this Article


ඉන්දීය රජයේ ශ්‍රීලංකා මහ කොමසාරිස් කතරගම පුදබිමේ

ඉන්දීය රජයේ ශ්‍රීලංකා මහ කොමසාරිස් කතරගම පුදබිමේ

ඉන්දීය රජයේ ශ්‍රීලංකා මහ කොමසාරිස් සන්තෝෂ්‍ ජා මහතා ඉකුත් (07) වෙනිදා කතරගම පුදබිමේ සංචාරයක නිරත විය.

ප්‍රථමයෙන් කිරිවෙහෙර චෛත්‍යයරාජයාණන් වහන්සේ වැඳපුදාගත් මහ කොමසාරිස්වරයා රුහුණු කතරගම මහා දේවාලයට පැමිණ දේවාශීර්වාදය ලබාගත්තේය.

හෙතෙම කතරගම ශ්‍රී අභිනවාරාමයට ගොස් විහාරාධිපති රුහුණු මාගම්පත්තුවේ ප්‍රධාන අධිකරණ සංඝනායක ශාස්ත්‍රපති පණ්ඩිත කපුගම සරණතිස්ස නායකහිමියන් බැහැදැකීමෙන් අනතුරුව බස්නායක නිලමේ ඩිෂාන් වික්‍රමරත්න ගුණසේකර මහතා හමුවී සුහද පිළිසඳරක නිරතව විය. අනතුරුව බස්නායක නිලමේවරයා විසින් මහ කොමසාරිස්වරයා වෙත සමරු ඵලකයක් පිරිනමන ලදි.