Print this Article


තලවතුගොඩ ගණේලන්ද රාජ මහා විහාරාධිපති හිමියෝ අපවත් වෙති

තලවතුගොඩ ගණේලන්ද රාජ මහා විහාරාධිපති හිමියෝ අපවත් වෙති

තලවතුගොඩ ගණේලන්ද රාජ මහා විහාරාධිපති මහා විහාරවංශික ශ්‍යාමෝපාලි මහා නිකායේ කෝට්ටේ ශ්‍රී කළ්‍යාණී ධර්ම මහා සංඝ සභාවේ සීනාදී සිව් කොරළේ උප ප්‍රධාන සංඝනායක ශාසන කීර්ති ශ්‍රී ධම්මදස්සී අතිපූජ්‍ය තලවතුගොඩ විමලධම්ම නායක ස්වාමීන් වහන්සේ පසුගිය (12) වැනිදා අළුයම අපවත් වූහ.

ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින අතරතුර ස්වාමීන්වහන්සේ අපවත් වී ඇති අතර ආදාහන පූජෝත්සවය තලවතුගොඩ අග්‍රාමාත්‍ය විද්‍යාලීය ක්‍රීඩාංගනයේ දී සෙනසුරාදා (16) සවස 2.00 ට පැවැත්වෙයි.

අවුරුදු 83 ක් ආයු වළඳා විහාරාධිපති හිමියෝ අපවත් වූහ.