වන්දනාව
තුන් සරණේ කවි කිව්වයි
අග්ගලවල රස බැලුවයි
වඳින්න යන වැඳල බහින
කොයි කාටත් සුබ පැතුවයි
‘හැරමිටි’ ගෙන ගොස් පිදුවයි
නූගෙන් ගෙත්තම් කෙරුවයි
ගතට විඩා දැනුණු වෙලේ
අම්බලමක නතර වුණයි
‘මහගිරි දඹයත්’ නැග්ගයි
මලුවේ සිසිලස වින්දයි
සිරි පතුලේ නළල ඔබා
ඇති වෙනතුරු මං වැන්දයි
චන්ද්‍රා වාකිස්ට
දික්වැල්ල |