Print this Article


සිත

සිත

දුර ගමන් යයි
දූරං ගමං,
මේ සිත
එකලාව හැසිරේ
ඒක – චරං
මේ සිත
දහම් මඟ තෝරා
ගුණ – දම් ඇති කර දෙයි
මේ සිත,
කවි තනන සිත
ප්‍රතිභාවෙන් පිරී සිත
මව් – පිය
දෙපළට සලකන්න
කියාදෙන්නේ
ගුණ – දහම් ඇති සිත,
අරුම – පුදුම සිත,
සසරට ගෙන යන සිත,
‘චිත්තේන නීයති ලෝකෙ,
දමනය කළොත්
සැප ලබා දෙයි සිත