Print this Article


වඳිමු සිරිපා

වඳිමු සිරිපා

සීත මීදුම් හිමව් අරණේ
තුරු වඳුලු සිප හමන පවනේ
සිසිල ලැබුණේ වෙහෙස නො දැනේ
සුමන දෙවි රජ පිහිට ලැබුණේ

වීතරාගි මුනිදු සිරි පද
තැබූ සමනල ශිඛර මත්තේ
දෝත පුරවා ගෙනා කුසුමන්
දොවා පිරිසුදු සීත ගඟුලෙන්

තබා සම්බුදු මැණික් පතුලෙන්
වඳිමි සිහිකර දම් රජාණන්
සාධු නාදේ දසත පැතිරේ
නිවන් රන් දොර ඇරී ඇත්තේ