දිළිඳු පවුල් සඳහා නිවාස ඉදිකිරීමේ වැඩසටහනක්

දිළිඳු පවුල් සඳහා නිවාස ඉදිකිරීමේ වැඩසටහනක්

කතරගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය තුළ පදිංචි ආර්ථික දුෂ්කරතාවලින් පෙළෙන දිළිඳු පවුල් සඳහා නිවාස ඉදිකරදීමේ වැඩසටහනක් ඓතිහාසික රුහුණුූ කතරගම මහා දේවාලය මඟින් ආරම්භ කොට ඇත. කතරගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ මඟපෙන්වීම මත පරිත්‍යාගශීලින්ගේ ආධාර මත නිවාස ඉදිකිරීම සිදු කෙරේ. එම වැඩසටහනේ පළමු නිවාසය ඉදිකරදීම සඳහා මුල්ගල තැබීම සෙල්ලකතරගම ප්‍රදේශයේ දී ඉකුත් (24) වෙනි දා ආරම්භ කෙරිණි.

හිරෝෂ් ජයතිලක මහතාගේ මූල්‍ය අනුග්‍රහය මත ශ්‍රී ලංකා යුද හමුදාවේ 12 වන පාබල සේනාංකයේ ශ්‍රම දායකත්වය මත නිවස ඉදිකෙරේ.

නිවස ඉදිකිරීමේ ආරම්භක උත්සවයට රුහුණූු මාගම්පත්තුවේ ප්‍රධාන අධිකරණ සංඝනායක කතරගම ශ්‍රී අභිනවාරාමාධිපති ශාස්ත්‍රපති පණ්ඩිත කපුගම සරණතිස්ස නායක ස්වාමීන් වහන්සේ ප්‍රමුඛ මහා සංඝරත්නය කතරගම මහා දේවාලයේ බස්නායක නිලමේ, 12 වැනි පාබල සේනාංකාධිපති මේජර් ජෙනරාල් චමිල මුණසිංහ යන මහත්වරු සහභාගි වූහ.

නවම් අව අටවක

මාර්තු 03 ඉරිදා පූ.භා. 08.44
අව අටවක ලබා 04 සඳුදා
පූ.භා. 08.48 ගෙවේ.
03 ඉරිදා සිල්

පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

මාර්තු 03

Full Moonඅමාවක

මාර්තු 10

First Quarterපුර අටවක

මාර්තු 17

Full Moonපසළොස්වක

මාර්තු 24

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

 

© 2000 - 2024 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]