Print this Article


දම් මඟ දිනවන ගුරු සිසු හරසර

දම් මඟ දිනවන ගුරු සිසු හරසර

2023 සමස්ත ලංකා දහම් පාසල් සිසු නිපුණතා තරගාවලියේ දෙවන ස්ථානය හිමි කර ගත් ඔක්කම්පිටිය දෙමටමල් විහාරස්ථ ශ්‍රී ගැමුණු දහම් පාසලේ සිසු දරුදැරියන් ඇගයීම සඳහා සංවිධානය කර තිබූ දම් මඟ දිනවන ගුරු සිසු හරසර උත්සවය පසුගියදා ඓතිහාසික දෙමටමල් රාජමහා විහාරස්ථානයේ දී පැවැත්විණි.

ඌව වෙල්ලස්ස දෙදිසාවේ ප්‍රධාන සංඝනායක ශාස්ත්‍රපති පණ්ඩිත ගල්ටැම්වත්තේ නන්දරතන හිමි, මොනරාගල දිස්ත්‍රික් ප්‍රධාන සංඝනායක ගල්ටැම්වත්තේ පුඤ්ඤානන්ද හිමි, ඌව පළාතේ අධිකරණ සංඝනායක උනපානේ චන්ද්‍රජෝති හිමි යන නායක ස්වාමීන් වහන්සේ ප්‍රමුඛ මහා සංඝරත්නය මෙම අවස්ථාවට වැඩම කර සිටියහ.