Print this Article


කුසලධම්ම නා හිමි අභිවන්දනා පුණ්‍ය මහෝත්සවය 03 වැනිදා

කුසලධම්ම නා හිමි අභිවන්දනා පුණ්‍ය මහෝත්සවය 03 වැනිදා

ශ්‍රී සම්බෝධි විහාරාධිපති ව වැඩ විසූ බෞද්ධයා මාධ්‍ය ජාලයේ නිර්මාතෘ සහ පළමු සභාපති දරණාගම කුසලධම්ම ස්වාමීන්ද්‍රයන් වහන්සේ අපවත් වී වර්ෂ හයක් සපිරීම නිමිත්තෙන් මාර්තු මස 03 වැනි දා ‘කුසලධම්ම නාහිමි අභිවන්දනා’ පින්කම ශ්‍රී සම්බෝධි විහාරයේ දී පැවැත්වේ.

දරණාගම කුසලධම්ම ස්වාමීන්ද්‍රයන් වහන්සේ බෞද්ධයා රූපවාහිනී නාලිකාව අරඹා ගතවූ වසර කිහිපය තුළ අපේ රටේ පමණක් නොව ලොව පුරා වෙසෙන ශ්‍රී ලාංකේය බොදු ජනතාවගේ දහම් පිපාසය සන්සිඳුවන්නට සිදු කළ මෙහෙවර පමණක් වුව ද දරණාගම කුසලධම්ම නාහිමියන් භව ගමන පුරා පින් කුසල් වඩන පාරමිතාවක් ලෙස සඳහන් කළ හැකි වේ.

එම මෙහෙවර වත්මනෙහි මෙන් ම අනාගතයේදී ද සිදු කර ගෙන යාමට දක්ෂ සිල්වත්, ගුණවත් ශිෂ්‍යවරයන් වහන්සේ නමක් ද තැනූහ.

උන්වහන්සේ නම් වත්මන් ශ්‍රී සම්බෝධි මහා විහාරාධිපති බෞද්ධයා මාධ්‍ය ජාලයේ සභාපති බොරලන්දේ වජිරඤාණ ස්වාමීන්ද්‍රයන් වහන්සේ ය. උන්වහන්සේගේ අනුශාසනා පරිදි තෛ‍්‍රනිකායික මහ සඟරුවන වැඩම කරවා පින්කම් මාලාවක් පැවැත්වේ.