Print this Article


 දුරුතු පෝදා දම් දෙසුම

දුරුතු පෝදා දම් දෙසුම

දුරුතු පුර පසළොස්වක පෝය නිමිත්තෙන් සංවිධානය කළ ධර්ම දේශනාමය පින්කම පසුගිය දා ලේක්හවුස් ආයතනයේදී පැවැත්විණි. දිවංගත ඩී.ආර්. විජයවර්ධන ශ්‍රීමතාණන් ඇතුලු ලේක්හවුස් ආයතනයේ සේවය කොට මියගිය සියලුම සහෝදර මහත්ම මහත්මීන්ට පින් අනුමෝදන් කිරීම පිණිසත් 2024 වර්ෂයට ආශිර්වාද ලබා ගැනීම පිණිසත් මෙම පින්කම සංවිධානය කෙරිණි.

පූජ්‍ය අංකුඹුරේ අමිතදීප හිමියන් විසින් දම්දෙසුම පැවැත්වූ අතර, බුදුසරණ කර්තෘ මණ්ඩලය සහ ලේක්හවුස් බෞද්ධ සංගමය මඟින් පින්කම සංවිධානය කෙරිණි. ලේක්හවුස් සභාපති මහාචාර්ය හරේන්ද්‍ර කාරියවසම් මහතා ඇතුළු සේවක මහත්ම මහත්මීන් විශාල පිරිසක් ධර්ම දේශනාමය පින්කම සඳහා සහභාගි වූහ.