Print this Article


රත්නපුරේ නන්දනායක හිමියෝ ප්‍රධාන අධිකරණ සංඝනායක පදවියෙන් පිදුම් ලබති

රත්නපුරේ නන්දනායක හිමියෝ ප්‍රධාන අධිකරණ සංඝනායක පදවියෙන් පිදුම් ලබති

කොළඹ 05, නාරාහේන්පිට ශ්‍රී ශාරිපුත්ත විහාරාධිපති රත්නපුරේ නන්දනායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ වෙත මහා විහාරවංශික ස්‍යාමෝපාලි මහා නිකායේ මල්වතු මහා විහාර පාර්ශ්වයේ අතිපූජ්‍ය මහානායක තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල මහානායක මාහිමිපාණන් වහන්සේ ප්‍රමුඛ සානුනායක කාරක මහා සංඝ සභාව මඟින් ශාසන කීර්ති ශ්‍රී විමලරතන ගෞරව නාමය සහිත ගාලු බස්නාහිර දෙපළාතේ ප්‍රධාන අධිකරණ සංඝනායක පදවිය පිරිනමා ඇත.

ඒ පිළිබඳ ශ්‍රී සන්නස් පත්‍රය පිරිනැමීම අතිපූජ්‍ය මහානායක මාහිමිපාණන් වහන්සේගේ ප්‍රධානත්වයෙන් මෙම 25 වැනි දා පස්වරුවේ මල්වතු මහා විහාර රාජකීය උපෝසථාගාරයේ දී සිදු කෙරේ.

අභිනව ප්‍රධාන අධිකරණ සංඝනායක ධුරයෙන් පිදුම් ලද රත්නපුර නන්ද නායක හාමුදුරුවෝ පිළිගැනීමේ මහෝත්සවයක් නාරාහේන්පිට අභයාරාමයේ දී මාර්තු මස 2 වැනි දා සිදු කෙරේ.