Print this Article


නිවීම

නිවීම

පිනෙහි යෙදෙන්නෝ
ඉන් සැනසෙන්නෝ
එලොව මෙලොව දිවි
සරු කර ගන්නෝ
සුගතියෙ උපදින්නෝ

පවෙහි යෙදෙන්නෝ
දුකම විඳින්නෝ
එලොවත් මෙලොවත්
දුකම විඳින්නෝ
නිරයේ පසුවන්නෝ

දන් සිල් පිරුවෝ
බවුන් වඩන්නෝ
මඟපල ලැබ ගන්නෝ
සක්විති රජකමටත්
වැඩියෙන් අගනා
නිවනින් සැනසෙන්නෝ