Print this Article


භික්ෂූන් වහන්සේට සුදුසු ව්‍යායාම

භික්ෂූන් වහන්සේට සුදුසු ව්‍යායාම

B.M.I.  අගය

B.M.I. අගය 8.5 සිට 21.9 දක්වා (සුදුසු බර) මෙම පරාසය තුළ ශරීර බර පවත්වා ගෙන ඇති හිමිවරුන් තවදුරටත් තම ශරීර බර එම පරාසය තුළ තබා ගැනීම සඳහා සමතුලිත ආහාර නිසි ප්‍රමාණවලින් ගන්නා අතර ම ක්‍රියාශීලි දිවි පෙවෙතක් ගත කිරීම සුදුසුය.

B.M.I. අගය 18.5 අඩු (අඩු බර) - කෘෂභාවයෙන් පෙළේ. එම නිසා සමතුලිත ආහාර වැඩිපුර වැළඳීම සුදුසු ය.

B.M.I.  අගය 25 සිට 29.9 දක්වා (අධිබර) බර වැඩිවීම නිසා ඇතිවන රෝගාබාධවලට ගොදුරුවීමේ අවදානම ඉහළ යයි.

B.M.I. අගය 30 වැඩි (තරබාරු) බර වැඩිවීම නිසා ඇතිවන රෝගාබාධවලට ගොදුරුවීමේ ඉහළ අවදානමක් ඇත.

ශක්තිජනක ආහාර එනම් තෙල්, පිටි හා සීනි අධික ආහාර පාලනය කිරීම හා නිතර ක්‍රියාශීලිවීම මඟින් ශරීර බර පාලනය කර ගැනීම ඉතා සුදුසු ය.

සක්මන් භාවනාව

හැකි සෑම විටම පයින් වැඩීම (ඉක්මන් ගමනින් වැඩීම තුළින් වැඩි කැලරි ප්‍රමාණයක් දහනය කර ගත හැකි බැවින් එය වඩාත් සුදුසු ය. අවම වශයෙන් දිනකට කිලෝමීටර 1 - 2ක් වත් පයින් වැඩීම සුදුසු ය.)

මළුපෙත් මං ඇමදීම ආදී වතාවත් කිරීම ඇතුළු කය වෙහෙසා කළ හැකි සියලු වතාවත්

පඩි නැඟීම,

වතුර ළිඳෙන් ඇද ස්නානය කිරීම

සිවුරු පිරිකර සෝදා ගැනීම

භික්ෂූන් වහන්සේට යෝග්‍ය පරිදි යෝගී ව්‍යායාමවල යෙදීම

සියලුම භික්ෂූන් වහන්සේ දිනකට විනාඩි 30 බැගින් සතියකට දින 5 ක් හෝ ඉහත සඳහන් කළ ක්‍රියාවන්හි යෙදීම යෝග්‍ය වේ.

දානය වැළඳූ විගස තේ/කෝපි පිළිගැනීම

ආහාර වේලකින් පසු තේ, කෝපි පානය සුදුසු නොවේ. තේ, කෝපිවල ඇති ටැනින් වැනි ද්‍රව්‍ය නිසා යකඩ අවශෝෂණය පහත හෙළන අතර දාන වේලවකින් පසු පැය 02ක් වත් යන තෙක් මෙවැනි පාන වර්ග වැළඳීම සුදුසු නැත.

දැහැත් විට වැළඳීම

සිරුරට ඉතා අහිතකර හා ඇබ්බැහිවීමේ ස්වභාවයක් දැහැත්විට වැළඳීම තුළින් ඇති වේ. පුවක්, හුණුූ හා දුම්කොළ මඟින් මුඛ රෝග, පිළිකා, ආමාශගත රෝග ඇතිවීමට හේතු විය හැකි අතර, ආහාරයේ රසය ද නොදැනීමට හේතු විය හැක. එබැවින් දානය සඳහා දැහැත් විට පිළිගැනීම සුදුසු නොවේ. දැහැත් විට බොහෝ වේලාවක් මුඛය තුළ රඳවා ගෙන සිටීම ඉතාම අහිතකරය.