Print this Article


ඇස්වත්ත ආනන්දාරාම පුරාණ රාජමහා විහාරයේ වාර්ෂික පෙරහර

පුවක්පිටිය ඇස්වත්ත උතුර ආනන්දාරාම පුරාණ විහාරයේ 71 වැනි වාර්ෂික පෙරහර සහ ධාතු ප්‍රදර්ශනය පසුගියදා අති උත්කර්ෂවත් ලෙසින් පවත්වන ලදී. ආනන්දාරාම පුරාණ රාජමහා විහාරයේ විහාරාධිපති ඕපනායක ධම්ම විසුද්ධි හිමියන්ගේ අනුශාසකත්වයෙන් විහාරාධිකාරී පඤ්ඤාගුල සුමනරංසි හිමියන්ගේ මඟ පෙන්වීම යටතේ සංවිධානය කරනු ලැබුවේ ශ්‍රී අනද බොදු සංසදය, ශ්‍රී ආනදාරාම දායක සභාව සහ ඇස්වත්ත අපි සංවිධානය, ශ්‍රී ලයන් සංවිධාන හා අනෝමා ප්‍රජා මණ්ඩලය සහ දායකකාරකාදීන් විසිනි.

මෙහිදී සධාතුක කරඬුව හස්තිරාජයා මත තැන්පත් කිරීම සිදු කරන ලද්දේ අමෙරිකාවේ වොෂින්ටන් වර්ජිනියා ප්‍රාන්තයේ දී ලංකා සංවිධානයේ හිටපු සභාපති සහ වත්මන් විධායක සභික දක්ෂිණ ද සිල්වා මහතාගේ සුරතිනි.