Print this Article


දෙදහස් විසි හතරට යමු...

සැනසිල්ල උදාවීමට නම්

පහනට වත් කළ තෙල් ටිකෙන් ටික සිඳී යන්නේ අවට එළිය කරවමිනි. ඒ එළිය බොහෝ දෙනකුට ප්‍රයෝජනවත් ය. අපේ ජීවිතය ද එපරිදි වන්නේ නම්. ධර්මයේ ගුණයෙන් අපි එළිය වෙමු. විසිතුරු වෙමු. ඒ අපේ සැනසිල්ලයි.

බුදුරජාණන් වහන්සේ අපට වදාළේ නො නිවෙන ආලෝකයකි. ධර්මය ඉගෙන ගතයුත්තේ උගත්කම ඇති කර ගැනීමට පමණක් නොව ඒ තුළින් ධර්මය පිහිට කර ගතයුත්තේ අපේ සැනසිල්ල පිණිසයි. ශික්ෂණය, හැදියාව පිණිසයි. කොතරම් ධර්මය ඉගෙන ගත්ත ද, කොයිතරම් අනුන්ට ධර්මය දේශනා කළ ද, ධර්මානුකූලව ආත්ම සංයමයත්, තමන්ගේ සැනසිල්ලත් නොවුවහොත් එය අන්ධයකු අතට ගත් පහනක ස්වරූපයකට පත්වන්නේ ය.

එනිසා තම තමා ආධ්‍යාත්මික ගුණ වගාව දියුණු කර ගනිමු. ප්‍රතිපත්තිගරුක වෙමු. සිල්වත්, ගුණවත් සමාජයක් බිහි කිරීමට අපි සැම දෙනා ම අදිටන් කර ගනිමු.