ශ්රී බුද්ධ වර්ෂ 2567 ක් වූ දුරුතු අව අටවක පෝදා 2024 පෙබරවාරි 02 සිකුරාදා
[UNICODE]
මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |
ගැලුවේ මුහුද ගොඩ සේසත සේදෙන්න බැලුවේ නොමැත දෙවියන් රට බේරන්න හෙලුවේ සුසුම් වේරම්භය පරදන්න ගැලුවේ කඳුළු නව සයුරක් උපදන්න
මවට ද පියාට ද දරුවන් අහිමි විය දරුවන් හට ද මව්පියවරු අහිමි විය ජීවන ගමන් මඟ ඉදිරිය අඳුරු විය සාගර යකුන් ඒ තරමට රුදුරු විය
මිනිසත් ගුණය මතු විය මෙම විනාශයෙන් මනුසත් දහම ඔපවත් වුනි සුනාමියෙන් දිරිමත් කරන්නට අසරණ අනාථයින් ගුණවත් මිනිස් හද උණුවිය නිමේශයෙන්
සිරිමත් අසිරිමත් සිරියක මිහිතලයේ ‘මනුසත්වයේ දෙවියන්’ මතුවිය හෙළයේ එනමුත් තැනින් තැන මේ ව්‍යසනතලයේ මරුමුස් යකුන් මතුවූවලු මනු කුලයේ
ගස් ගල් ගෙවල් දොරවල් ඈ සියලු දෙය බස් ලොරි කාර් දුම්රිය සුනු විසුණු විය විස්තර කළ නොහැකි පුදුමෙක මහ ‘සිරිය’විය සිත් සනසමින් හිමි අනුරුව ඉතිරි විය
කු.ග.දො. සුමතිපාල නාගොල්ලාගම
පෙබරවාරි 02 සිකුරාදා අ.භා. 04.00 අව අටවක ලබා 03 සෙනසුරාදා අ.භා. 05.17 ගෙවේ. 02 සිකුරාදා සිල්
අව අටවක
පෙබරවාරි 02
අමාවක
පෙබරවාරි 09
පුර අටවක
පෙබරවාරි 16
පසළොස්වක
පෙබරවාරි 23
| PRINTABLE VIEW |
© 2000 - 2024 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම සියළුම හිමිකම් ඇවිරිණි. අදහස් හා යෝජනා: [email protected]