[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

සුගතයන් වහන්සේගේ කායගතිය සහ චිත්තගතිය

සුගතයන් වහන්සේගේ කායගතිය සහ චිත්තගතිය

ඉදමවොච භගවා
ඉදං වත්වා සුගතො
උට්ඨායාසනා විහාරං පාවිසි

මජ්ක්‍ධිම නිකාය මූලපරියාය වග්ගයේ ධම්ම දායාද සූත්‍රයේ දැක්වෙන ඉහත පාලි වැකිය අනුව “භාග්‍යවතුන් වහන්සේ මෙම දේශනාව කොට හුනස්නෙන් නැඟිට විහාරයට වැඩම කළ සේක” ලෙස සරල අදහස හඳුනාගත හැකි ය. එහි දැක්වෙන “උට්ඨායාසනා” යන වදන අපූරු අරුත් ගෙන එන වදනකි.

එම වදනේ වාචාර්ථ සහ භාවිතාර්ථ පිළිබඳ ධර්මානුකූල කෙටි අදහසක් ගෙන ඒමට කැමැත්තෙමි.

මෙබඳු තැන්වල දී භාග්‍යවතුන් වහන්සේ හුනස්නෙන් නැඟිට වැඩමවීම, අතුරුදහන් වීම, විහාරයට ප්‍රවේශවීම චිත්ත ගමනින් වෙතැ’යි අටුවා පොතෙහි දක්වා ඇත. මෙහි දැක්වෙන චිත්තගතියා (චිත්ත ගමනින්) යන්න විමසිය යුතු ව ඇත.

බුදුරදුන්ට ගමන දෙකක් ඇති බව අටුවාවේ දැක්වේ. එනම්

කායගතියා (කාය ගමනින්)

චිත්තගතියා (චිත්ත ගමනින්) යනවෙන්

‘කායගතියා ගචෙඡය්‍ය සබ්බා පරිසා
භගවන්තං පරිවාරෙත්වා ගචෙඡය්‍ය.........

සුගතයන් වහන්සේගේ කායගතිය යනු ප්‍රකෘති ගමනයි.

බුදුරදුන් කාය ගතියෙන් වඩින්නේ නම්, සියලු පිරිස භාග්‍යවතුන් වහන්සේ පිරිවරා යන්නෝ ය. එමඟින් එම දම් සබා මඬුල්ල කලබල වන්නේ ය. එක්වරක් බිඳුණු පිරිස යළි රැස්කිරීම දුෂ්කර වන්නේ ය. එබැවින් භාග්‍යවතුන් වහන්සේ චිත්ත ගතියෙන් ම වැඩි සේක.

මජ්ක්‍ධිම නිකාය ටීකා පාඨයකට අනුව “මේ කය මේ සිත මෙන් වේවා’යි අධිෂ්ඨාන කොට භාග්‍යවතුන් වහන්සේ වැඩම කිරීමයි.මෙහිදී කය ද සිත මෙන් සැහැල්ලු බවට පරිණාමය වෙයි. මෙහිදී අප අවබෝධ කොට ගත යුත්තේ සමස්තයක් වශයෙන් කය සිතක් බවට පත් වන ස්වරූපය නොව, සිතේ පවත්නා යම් යම් ගති ස්වභාවයන් ගන්නා බවයි.

සිතේ එක් ස්වභාවයක් වන වේගවත් බව එමෙන් ම සැහැල්ලු බව යන ලක්ෂණ කයට අනුරූප වෙයි.

කය සකස් වී ඇති මූලික ඒකකය බුදුසමය දක්වන පරිදි රූප කලාපයයි. එහි ආයුෂය චිත්තක්ෂණ දහහතකි. සිතක ආයුෂය එක් චිත්තක්ෂණයකි. ඉහත දක්වන ලද සිතේ හා කයේ සමාන ගතිකත්වය විනා මෙහි දැක් වූ සිතේ හා කයේ ආයුෂ ප්‍රමාණයේ සමාන ගතිකත්වයක් සිදු නොවේ.

එහි ධම්මානං ලක්ඛණඤ්ඤථත්තං
ඉද්ධිබලෙන
කාතුං සක්කා භාවඤ්ඤථත්ත මෙව
පන සක්කාති

අන් අයුරකින ස්වභාවයේ වෙනස් බවක් විය. ධර්මයන්ගේ ලක්ෂණ වෙනස් බවක් ඍද්ධි බලයෙන් කරන්නට නොහැකි ය. ස්වභාවය වෙනස් වීම පමණක් කළ හැකි ය.

සූත්‍ර පෙළෙහි එන ප්‍රකට උපමාවක් වූ ‘බාහුසමිඤ්ජනප්පසාරණුපමෝ,

එනම් බලවත් පුරුෂයකු සිය බාහුව දිග හැරීම සහ හැකිළීම කරන්නට ගත වන්නේ යම් කාලයක් ද එම උපමාවෙන් දක්වන කාලයට වඩා සැණින් භාග්‍යවතුන් වහන්සේගේ චිත්තගමනය සිදු වේ. ඒ පිළිබඳ තත් ටීකාවේ මෙසේ සඳහන් වේ.

‘බාහුසමිඤ්ජනප්පසාරණුප්පමාපි උපචාරෙන
විනා සුට්ඨුතරං යුත්තා හොති”

ධම්මාදායාද සූත්‍රයේ පමණක් නොව භාග්‍යවතුන් වහන්සේ ධර්ම දේශනාවක් නිම නොකොට විහාරයට වැඩම කළ අවස්ථා, පෙළෙහි තවත් හඳුනාගත හැකි ය. ඒ සෑම සිදුවීමකම භාග්‍යවතුන් වහන්සේ වැඩම කොට ඇත්තේ මෙම පරියායෙනි.

දුරුතු පුර පසළොස්වක

ජනවාරි 24 බදාදා අ.භා. 09.54
පුර පසළොස්වක ලබා 25 බ්‍රහස්පතින්දා අ.භා. 11.27 ගෙවේ. 25 බ්‍රහස්පතින්දා සිල්

පොහෝ දින දර්ශනය

Full Moonපසළොස්වක

ජනවාරි 25

Second Quarterඅව අටවක

පෙබරවාරි 02

Full Moonඅමාවක

පෙබරවාරි 09

First Quarterපුර අටවක

පෙබරවාරි 16

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

 

© 2000 - 2024 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]