[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

උදාර යුග මෙහෙවරක අමරණීය නායකත්වය පන්නිල ශ්‍රී ආනන්ද නා හිමි ගුණ වරුණ

උදාර යුග මෙහෙවරක අමරණීය නායකත්වය පන්නිල ශ්‍රී ආනන්ද නා හිමි ගුණ වරුණ

අත්තනගල්ල රාජමහා විහාරය, අමෙරිකාවේ හියුස්ටන් බෞද්ධ විහාරය, තායිවානයේ ථෙරවාදී බෞද්ධ විහාරය ඇතුළු එම විහාර ගණයේ අධිපති මහා විහාරවංශික ස්‍යාමොපාලි මහා නිකායේ මල්වතු මහා විහාර පාර්ශ්වයේ සීනාදී සිව් කෝරළයේ ප්‍රධාන සංඝනායක මල්වතු මහා විහාරයීය උපාධ්‍යාය, ආචාර්ය පන්නිල ශ්‍රී ආනන්ද නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ විසින් සම්බුදු සසුනෙහි චිරස්ථිතියටත්, දියුණුවටත් වෙසෙසින් ම මෙරට අධ්‍යාපනය ප්‍රධාන සෑම ක්ෂේත්‍රයකට ම අදාළ ව සිදුකර ඇත්තේ උදාර යුග මෙහෙවරකි.

ත්‍රිපිටක දහම මෙන් ම විදේශීය භාෂා රැසක් ද අධ්‍යයනය කර ඇති උන්වහන්සේ එමඟින් පෙර අපර දෙදිග රටවල ධර්මදූත මෙහෙවරෙහි ද නිරත වන ආදර්ශවත් සංඝ පීතෘන් වහන්සේ නමකි.

අත්තනගල්ල රාජමහා විහාරස්ථ ශ්‍රී පතිරාජ සාමණේර භික්ෂු පුහුණු ආයතනය අරඹා එමඟින් ත්‍රිපිටක දහම ප්‍රධාන විදේශීය භාෂා පුහුණු කරවමින් ආරාමික වත් පිළිවෙත් ද පුහුණු කරවා භික්ෂු ජීවිතයට ආදර්ශවත් භික්ෂු පුහුණුවක් ද ඇති කරමින් සසුනඹරේ දියුණුවට උන්වහන්සේ මාර්ගෝපදේශකත්වය සලසනු ලැබේ.

ඕනෑම ස්වභාවික විපතක් පැමිණි විට ඒ සඳහා මහත් කරුණාවෙන් ඉදිරිපත් වී ඔවුනට පිහිටවීම පන්නිල ආනන්ද නාහිමියන්ගේ උදාර මෙහෙවරෙහි එක් අංශයකි.

වෛද්‍ය සිසු දරුවන් ඇතුළු සිංහල, දෙමළ, මුස්ලිම් පාසල් දරුවන් අටසියයක් ඉක්මවා ඔවුන් වෙත මාසික ව අත්තනගල්ල රාජමහා විහාරයේ දී ශිෂ්‍යාධාර පිරිනමනු ලැබේ.

මෙරට හැදෙන වැඩෙන දරු පරපුර නැණ ගුණ සපිරි දරුවන් කිරීමට උන්වහන්සේ දරන ප්‍රයත්නය ප්‍රශංසනීයහ. පාසල් හතළිහක පමණ මහල් දෙමහල්, තෙමහල් ලෙස අවශ්‍යතා පරිදි පාසල් ගොඩනැඟිලි 40ක් ඉදිකරවා දීම ඉතාමත් ආදර්ශයකි. පාසල් දූ දරුවන්ගේ නැණ පහන් දල්වා ඔවුන්ගේ ජීවිත සුඛිත මුදිත කරවීමට සුවිසල් සහායක් දීමට පන්නිල ආනන්ද නාහිමියන්ගේ දූරදර්ශී දැක්ම ප්‍රශංසා කළ යුත්තකි.

නිකායත්‍රයේ ම ගෞරවාදරයට පාත්‍ර ව වැඩසිටින පන්නිල ශ්‍රී ආනන්ද නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ 77වැනි ජන්ම දිනය මෙම මස 26 වැනි දිනට යෙදී ඇත.

ඒ නිමිත්තෙන් උන්වහන්සේට ආශීර්වාද පතා අත්තනගල්ල රාජමහා විහාරස්ථ අත්තනගල්ල සිරිසඟබෝ සමාජ සේවා පදනම පින්කම් රැසක් සංවිධානය කර ඇත.

උදාර, නිහඬ මෙහෙවරක නිරත පන්නිල ශ්‍රී ආනන්ද නායක මහා ස්වාමීන්ද්‍රයන් වහන්සේට ශත වර්ෂාධික කාලයක් වැඩ වසමින් තව තවත් ලෝ සසුන් මෙහෙවර වැඩීමට තෙරුවන් බලයෙන් පිහිට ආරක්ෂාව නිරන්තරයෙන් ලැබේවා.

දුරුතු පුර පසළොස්වක

ජනවාරි 24 බදාදා අ.භා. 09.54
පුර පසළොස්වක ලබා 25 බ්‍රහස්පතින්දා අ.භා. 11.27 ගෙවේ. 25 බ්‍රහස්පතින්දා සිල්

පොහෝ දින දර්ශනය

Full Moonපසළොස්වක

ජනවාරි 25

Second Quarterඅව අටවක

පෙබරවාරි 02

Full Moonඅමාවක

පෙබරවාරි 09

First Quarterපුර අටවක

පෙබරවාරි 16

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

 

© 2000 - 2024 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]