Print this Article


බොදු පුවත් (ඡායාරූප)
 

ලේක්හවුස් බෞද්ධ සංගමය විසින් මෙහෙයවන මාසික ධර්මදේශනා මාලාවේ උඳුවප් පෝ දින ධර්ම දේශනය මහාචාර්ය පාතේගම ඤාණිස්සර ස්වාමින් වහන්සේ විසින් පවත්වන්ට යෙදුනු අතර, එහි දායකත්වය සිළුමිණ පුවත්පතේ නියෝජ්‍ය කර්තෘ සුමුදු චතුරානි මහත්මියගෙනි. ආයතනයේ සභාපතිතුමා ඇතුළු අධ්‍යක්ෂ මණ්ඩලය සහ සේවක සේවිකාවෝ දම් දෙසුමට එක්වී සිටියහ.

කොටහේන පරමානන්ද පුරාණ මහා විහාරය වාර්ෂිකව සිදුකරනු ලබන සති පිරිත් පින්කම දේවදූත පෙරහර හා දොරකඩ අස්න අනුශාසනාව 15 වන සිකුරාදා පැවැත්විණි. පූජ්‍යපාද තබවිට විමලවංශ නාහිමිගේ මෙහෙයවීමෙන් ආරම්භ කළ පින්කම් මාලාවේ අනුශාසනා අස්න, කෙසෙල් හේනාවේ ධම්මතිලක හිමි, දොරකඩ අස්න දේශනාව, කොළඹ තර්ස්ටන් විදුහලේ ඉමෙක් සන්ජුන විසින් සිදු කෙරිණි.