Print this Article


මිරිස්සේ ධම්මික නාහිමි ජන්ම දිනයට පින්කම්

මිරිස්සේ ධම්මික නාහිමි ජන්ම දිනයට පින්කම්

බත්තරමුල්ල සිරි සුදස්සනාරාම සදහම් සෙනසුනේ ප්‍රධාන අනුශාසක ආචාර්ය මිරිස්සේ ධම්මික නාහිමියන්ගේ ජන්ම දිනය නිමිත්තෙන් වාර්ෂිකව පවත්වනු ලබන පින්කම් මාලාව මෙවර ද පෙබරවාරි මස 04 සහ 05 දිනයන්හි දී සදහම් සෙනසුනේ දී පැවැත්වේ.

පෙබ. 04 වන දින පෙරවරු 9.00 සිට සවස 4.00 දක්වා පැවැත්වේ. එදින ලේ දන්දීමේ කඳවුරක් මෙන්ම වෛද්‍ය සායනයක් ද පැවැත්වෙන අතර, එදින ආර්ථික අපහසුතා ඇති පාසල් දරුවන් සඳහා පොත් පරිත්‍යාග කිරීමක් ද සිදුවේ. පෙබරවාරි 05 වන දින අපේක්ෂා රෝහලට ඖෂධ පරිත්‍යාග කිරීමක් ද සිදු කරන අතර රාත්‍රී 7.00 ට සෙත් ප්‍රාර්ථනා පින්කම ද පැවැත්වේ.