Print this Article


පෝදා පින්කම්

ඓතිහාසික ශ්‍රී කල්‍යාණී රාජමහා විහාරය

පෙ.ව. 6.00 - 6.30 / 6.30 - 7.00 සීල සමාදානය, උදෑසන බුද්ධ පූජාව ශාස්ත්‍රවේදී රන්දිලිගම මහින්ද හිමි, 7.00 - 8.00 උදේ දානය හා විවේකය, 8.00 - 9.00 පෙරවරු ගුවන්විදුලි ධර්ම දේශනාව විචිත්‍ර ධර්මකථික බොරැල්ලේ කෝවිද හිමි, 9.00 - 10.00 භාවනා ජ්‍යෙෂ්ඨ මහාචාර්ය කොල්ලුපිටියේ මහින්ද සංඝරක්ඛිත නා හිමි, 10.00 - 11.00 ධර්ම සාකච්ඡාව, 11.00 - 11.30 දිවා බුද්ධ පූජාව ශ්‍රී කල්‍යාණි රාජමහා විහාරවාසී, ඇතිමලේ සීලානන්ද හිමි, 11.30 - 12.30 දිවා දානය හා විවේකය, ප.ව. 12.15 - 02.00 සීල භාවනා සමිතිය, 2.00 - 3.00 විශේෂඥ වෛද්‍ය දේශනය, 3.00 - 4.00 ධර්ම සාකච්ඡාව, 4.00 - 5.00 පස්වරු ධර්මදේශනාව ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය දෙනියායේ පඤ්ඤාලෝක බුද්ධරක්ඛිත හිමි, 5.00 - 6.00 භාවනා ජ්‍යෙෂ්ඨ මහාචාර්ය කොල්ලුපිටියේ මහින්ද සංඝරක්ඛිත නා හිමි. 6.00 - 7.00 ගිලන්පස බුද්ධ පූජාව ශාස්ත්‍රපති ඇටම්පිටියේ හේමවංශ හිමි, 7.00 - 8.00 සන්ධ්‍යා ධර්ම දේශනාව ශාස්ත්‍රපති රාජකීය පණ්ඩිත බැලුම්මහර ඉන්ද්‍රානන්ද හිමි, 8.00 සිට පසුදා අලුයම පහන් වන තුරු ගුවන්විදුලි පරිත්‍රාණ ධර්ම දේශනාව.

****

කොබවක ශ්‍රී සුමනාරාම මහා විහාරය

විහාරාධිපති, දෙල්මෑල්ලේ සුමනරතන හිමිපාණන් වහන්සේගේ අනුශාසනා පරිදි පෙ.ව. 08.30ට ධර්ම දේශනාව මඩුල්ලේ වජිරඥාන හිමි. පෙ.ව. 09.30ට සදහම් වන්දනාව හා දහවල් බුද්ධ වන්දනාව ආදළුවේ සුබෝධනී මෙහෙණින් වහන්සේ. ප.ව. 1.30ට විශේෂ භාවනා වැඩසටහනකි. ශාස්ත්‍රපති වෑකඩ භද්‍රා මෙහෙණින් වහන්සේ ප.ව. 3.30ට ධර්ම දේශනාව මඩුල්ලේ විමලඥාන හිමි. රාත්‍රී 7.00 ට සැමට සෙත් පතා පවත්වනු ලබන ගිලන්පස බුද්ධ පූජා, බෝධි පූජා පින්කම.

****

සංකල්ප විහාරය

පිළියන්දල, “සංකල්ප විහාරස්ථානයට” වසර 35ක් පිරීම නිමිත්තෙන් සහ විහාරාධිපති උග්ගොඩ ධම්මින්ද හිමියන්ගේ පැවිදි දිවියට වසර 44ක් පිරීම නිමිත්තෙන් සහ උන්වහන්සේගේ ජන්ම දිනය නිමිත්තෙන් ජනවාරි 25 වන දිනට යෙදෙන දුරුතු පුර පසළොස්වක පෝදා දවස පුරා අසිරිමත් පින්කම් මාලාවක් පැවැත්වේ. මිරිස්වත්තේ ඉන්ද්‍රසිරි, සූරියවැව නන්දජීව, බටුවන්දර සුමනතිස්ස යන හිමිවරුන්ගේ ධර්ම දේශනා සහ ශීල භාවනා වැඩසටහන් දවස පුරා පැවැත්වේ. සංකල්ප දායක සභාව මෙම පින්කම් මාලාව සංවිධාන කරයි.

****

ශ්‍රී සම්බෝධි වන්දනා දුරුතු පුන් පොහොය දින සජීව වැඩසටහන් පෙළගැස්ම

පෙ.ව. 5.30 -7.00 කිරි ආහාර පූජාව, සීල සමාදානය, බුද්ධ වන්දනාව සහ අනුශාසනාව බොරලන්දේ වජිරඤාණ හිමි, 7.30 - 9.30 ධර්ම දේශනාව බලංගොඩ රාධ හිමි, 09.30 - 10.30 ව්‍යාංජන 108 සහිත සම්බුද්ධ පූජාව අනුරාධපුරයේ ධම්මසිරි හිමි, ප.ව. 12.30 - 2.00 ධම්මානුපස්සනා මිරහවත්තේ පඤ්ඤාසිරි හිමි , තලල්ලේ චන්දකිත්ති හිමි, 2.00 - 3.00 භාවනා වැඩසටහන කහගොල්ලේ සෝමවංශ හිමි, ප.ව. 3.30 - 4.30 සංගායනා සාකච්ඡාව බොරලන්දේ වජිරඤාණ හිමි, විශේෂඥ වෛද්‍ය මල්ෂා ද සිල්වා මහත්මිය, පැපිළියාන සුනේත්‍රා මහාදේවි පිරිවෙන් විහාරස්ථානයේ දී, ප.ව. 4.30 - 5.30 ධර්ම දේශනාව කිරිවත්තුඩුවේ අරියදස්සන හිමි, ප.ව. 05.30 - 6.30 ඖෂධ 108 සහිත පූජාව සිල් පවාරණය ඇලදූවේ පඤ්ඤාතිලක හිමි, පැපිළියාන සුනේත්‍රා මහාදේවි පිරිවෙන් විහාරස්ථානයේ දී.

****

සිරි වජිරඤාණ ධර්මායතනය - මහරගම

පෙ.ව. 6.00 - 7.00 සිල් සමාදන් කරවීම සහ බුද්ධ පූජාව පැවැත්වීම, ත්‍රිපිටකාචාර්ය මලංගම පඤ්ඤාසාර හිමි,8.00 - 9.00 භාවනාව රාජකීය පණ්ඩිත ශාස්ත්‍රපති හක්මන සුමනසිරි නාහිමි, 9.00 - 10.00 ධර්ම දේශනාව ශාස්ත්‍රවේදී පණ්ඩිත වේරදූවේ මහින්ද හිමි, 10.00 - 11.00 සූත්‍ර දේශනාව රාජකීය පණ්ඩිත ශාස්ත්‍රපති පානදුර පසන්න හිමි, 11.00 - 11.15 බුද්ධ පූජාව දියසෙන්පුර විමලසීහ හිමි, පමුණුවිල නන්ද හිමි, 12.20 - 1.00 පිරිත් හා තෙරුවන් ගුණ තලංගල්ලේ ධම්මරතන හිමි, බණ්ඩාරගම ධම්ම විජය හිමි, 1.00 - 2.00 ධර්ම සාකච්ඡාව ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය මඩිහේ සුගතසිරි නාහිමි, 2.00 - 3.00 ධර්ම දේශනය මහාචාර්ය අගලකඩ සිරිසුමන නාහිමි, 3.00 - 3.45 ධර්ම දේශනාව කොබෙයිගනේ ධම්මදස්සි හිමි, 3.45 - 4.00 ගිලන්පස විවේකය 4.00 - 5.00 ධර්ම දේශනය වජිරාරාම වාසී ශාස්ත්‍රවේදී රාජකීය පණ්ඩිත මීගොඩ සුඛිත හිමි, 5.00 - 6.00 ධම්මපදය විනයාචාර්ය මැණික්බෝවේ දීපාලෝක හිමි, 6.00 - 6.30 බෝධි පූජාව සහ සිල් අලුත් කිරීම, මෙහෙයවීම, රාජකීය පණ්ඩිත ශාස්ත්‍රපති හක්මන සුමනසිරි නාහිමි.

****

බත්තරමුල්ල සිරි සුදස්සනාරාම සදහම් සෙනසුන පෝදා පින්කම්

උදෑසන 6.00 - 7.00 සීල සමාදානය හා අනුශාසනාව 7.00 - 7.30 තෙරුවන් වන්දනාව, 8.15 - 10.00 භාවනාව, 10.00 - 11.00 ධර්ම දේශනාව, 11.00 - 11.30 තෙරුවන් වන්දනාව උදෑසන වැඩසටහන් මෙහෙයවීම ආචාර්ය මිරිස්සේ ධම්මික නාහිමි.

පස්වරු 12.30 - 1.00 සූත්‍ර සජ්ඣායනය 1.00 - 2.00 ධර්ම දේශනාව දළුගම සමිතඤාණ හිමි, 2.00 - 3.30 ධර්ම දේශනාව ගල්ලෑල්ලේ පඤ්ඤාසාගර හිමි, 4.00 - 5.00 ධර්ම දේශනාව වල්ගම සුමන හිමි. රාත්‍රී 7.00 ට බෝධි පූජා පින්කම පැවැත්වේ.

****

තලවතුගොඩ සංඝමිත්තාරාමය සීල සමාදාන වැඩසටහන

අලුයම 05.30 ප්‍රණීත ක්ශීරපායාස පූජාව පෙ.ව. 6.00 - 7.00 සීල සමාදානය සහ සම්බුද්ධ පූජාව පෙ.ව. 8.00 - 9.00 ධර්ම දේශනාව ත්‍රිපිටකාචාර්ය කැලණියේ අජිත හිමි. පෙ.ව. 9.30 - 10.30 ධර්ම දේශනාව මාවතගම, ධර්මගිරි ආරණ්‍යය සේනාසනවාසී, පුහුල්වැල්ලේ සාරද හිමි, පෙ.ව. 10.30 - 11.00 දහවල් සම්බුද්ධ පූජාව ප.ව. 12.30 - 1.00 සක්මන් භාවනාව ප.ව. 1.00 - 2.00 ධර්මදේශනාව කුඹුක සිරි වජිරඥාන ධර්ම නිකේතනාධිපති, ත්‍රිපිටකාචාර්ය ගල්කිස්සේ සෝමානන්ද හිමි, ප.ව. 2.15 - 3.00 දම්සක් පැවතුම් සූත්‍රය ප.ව. 3.00 - 4.00 ධර්ම දේශනාව රත්මලාන ජයසුමනාරාම පුරාණ විහාර වාසී රාජකීය පණ්ඩිත කන්දේගෙදර සෝභිත හිමි. ප.ව. 4.00 - 5.00 භාවනාව ප.ව. 6.00 ගිලන්පස පූජාව.

****

හල්වතුර ශ්‍රී සාම විහාරය

පෝදා දවස පුරා පින්කම් මාලාවක් සිදු කරන අතර සවස 3.30ට ලෝහමය බුද්ධ ප්‍රතිමා වහන්සේ නමක් වැඩමවා සවස 6ට ගිලන්පස බුද්ධ පූජාවක් පැවැත්වේ. විහාරාධිපති ශාස්ත්‍රපති පණ්ඩිත ගෝවින්නේ ඉන්ද්‍රසුමන හිමියන්ගේ අනුශාසනා මත පින්කම සංවිධාන කොට ඇත. එදිනම බුදුසරණ පත්‍ර 500ක් උපාසක උපාසිකාවන්ට ධර්ම දානය පිණිස ප්‍රේමරත්න මහතා විසින් මියගිය මව්පියන්ට පින් පිණිස බෙදා දීමට නියමිතය.