Print this Article


 හිඳව දේවානන්ද නාහිමියෝ උපප්‍රධාන සංඝනායක පදවි ලබති

 හිඳව දේවානන්ද නාහිමියෝ උපප්‍රධාන සංඝනායක පදවි ලබති

කුරුණෑගල දිස්ත්‍රික්කයේ බමුණාකොටුව ප්‍රාදේශීය ලේකම් කෙට්ඨාසයට අයත් හිඳව නමැති පෞරාණික ගම් පියසේ විසූ ආර්.ඇම් කිරිමුදියන්සේ මහෝපාසක මහතැනන්ගේ සහ ඩී.ඇම් කිරිමැණිකා මහෝපාසිකා මාතාවගේ වැඩිමහල් පුත්‍ර රත්නයක් ලෙස 1964 දෙසැ:මස 22වැනි දින දේවානන්ද නාහිමි ජන්ම ලාභය ලැබීය. ගිහි කළ ප්‍රාථමික අධ්‍යාපනය ලැබූවේ බමුණාකොටුව මහා විදුහලෙනි. 1973 නොවැම්බර් මස 03 වන දින හිඳව විජයසුන්දරාරාම විහාරාධිපති ගෞරවාර්හ ගොඩිගමුවේ සීලානන්ද මාහිමිපාණන් වහන්සේ ගුරුකොට හිඳව දේවානන්ද හිමි නමින් ප්‍රවෘජ්‍යා භූමියට පත් වූහ.

උන්වහන්සේ ශාස්ත්‍රවේදී උපාධිය හිමි කර ගෙන කුරුණෑගල කොටකන්ද රුවන්බෝධි පිරිවෙනේ ගුරුවරයකු හා පරිවෙණාධිපති වශයෙන් වසර ගණනක් සේවය කරන්නට යෙදුනාහ’ ධර්ම දේශනාවෙහි විචිත්‍ර දක්ෂතා දක්වන පරිත්ත භාණක තෙර නමක් වශයෙන් ප්‍රසිද්ධියක් ලබති. අප නායක මාහිමිපාණන් වහන්සේ දේවමැදි හත්පත්තුවේ උප ප්‍රධාන සංඝනායක පදවියෙන් අස්ගිරි මහා විහාරීය ශ්‍රීමත් මහානායක ස්වාමීන්ද්‍රවර ප්‍රමුඛ සානු නායක කාරක සංඝ සභාවෙන් පිදුම් ලැබූහ. උන්වහන්සේට තව තවත් ශාසනික සේවාවන් ඉටු කිරීමට කායික ශක්තියත් මානසික ශක්තියත් ලැබේවායි ප්‍රාර්ථනා කරමි.