Print this Article


උපහාර පිණිසයි

උපහාර පිණිසයි

උන්නාරුව ශ්‍රී සුරම්මාරාම පුරාණ විහාරාධිපති පරිත්‍රභානක කුරුණෑගල දිසාවේ සංඝනායක උන්නාරුවේ අත්ත දස්සි තිස්ස නායක හිමිපාණන් අපවත් වී 2024-01-25 දිනට තෙමසකි. මේ උන්වහන්සේට උපහාර පිණිසයි

උන්නාරුවේ පන්සලේ අධිපති ව විසූ
රිවිදින දහම් පාසලෙ මුල් පුටුවෙ විසූ
අලුයම අවදි වී සම්බුදු සමිඳු දෙසූ
සික පද සමාදන් වුණි බව අඳුර නැසූ

සිදුවන ගම් තුනේ හැම අව මඟුලෙදිම
ලොකු හිමි ආගමික කටයුතු කරදීම
අනුශාසනාවක් කර සිත සැනසීම
ලොකු හාමුදුරුවන් ගේ ඒ වගකීම

පිරිත් දෙසුම ගැන හොඳ හැටියට දන්නා
පරිත්‍රභානක ය ගරු නාමය ලැබුණා
කුරුණෑගල දිසාවේ නායක කියනා
එම ගරු නාමයත් අප සමිඳුට තිබුණා

හැත්තෑ හය වසක් හිමි ආයුෂ වින්දා
සසරේ පුරුදු විය හැක කහවත ඇන්දා
හිමියනි මෙන්න දෑතම ඔසවා වැන්දා
ඔබහට නිවන් සුව පතනෙමු අපි සැමදා