Print this Article


වඩිනු මැන නිදුකාණනේ

වඩිනු මැන නිදුකාණනේ

සසර කතරට දිය බිඳක් වූ හිමියනේ
තිලෝ තලයට පුන් සඳක් වූ හිමියනේ
දෙසූ දම් කඳ නිමක් නැති මුත්
ලෝ සතුන් ගිනි ගෙන දැවේ

දොළොස් පොහොයට මෙසිරි ලක්බිම
බණ දෙසූ මුත් හැම පැයේ
ගන්නෙ කවුරු ද දෙසන බණවල
අරුත නිසි ලෙස දරමිනේ

දහම නිසි ලෙස නොවටහා ගෙන
මං මුළා වී යන සතුන් හට
පාර කියුමට නැවත නැවතත්
වඩිනු මැන නිදුකාණනේ