Print this Article


සදහම් අරණ

දුරුතු පොහොය

බුදුරජාණන් වහන්සේ ලංකාවට පළමු වරට වැඩියේ දුරුතු පොහොය දිනයේ ය. මහියංගණයෙහි පිහිටි ‘මහානාග‘ නම් උයනේ යක්ෂ සහ නාග ග්‍රෝතිකයන් දෙ පිරිසක් අතර අරගලයක් හටගෙන තිබූ අවස්ථාවේ බුදුරජාණන් වහන්සේ එහි වැඩම කොට යක්ෂයින් දමනයට නම්, ඔවුන් බියට පත් කළ යුතු යැයි සිතූහ. වර්ෂාව, අකුණු සහ මහා මේඝයක් ඇති කර යක්ෂයින් බිය වද්දවා පසුව ඔවුන්ගේ බිය පහ කර ඔවුන් ගිරි දිවයිනට පිටත් කළ බව ද සඳහන් ය.

එහි පැමිණි සිටි සුමන (සමන්) නම් දෙවියන් පූජාවට සුදුසු දෙයක් ඉල්ලා සිටි විට බුදුරදුන් කේශධාතුන් වහන්සේ මිටක් ලබාදී ඇති අතර, සුමන දෙවිඳුන් විසින් බුදුරජාණන් වහන්සේ ලබාදුන් ස්ථාන එම කේශධාතුන් වහන්සේ තැන්පත් කොට ස්ථූපයක් කරවූ බව ඉතිහාසයේ සඳහන් වේ. මියුගුණ හෙවත් මහියංගණ චෛත්‍ය එම ස්ථූපය යි.

බුදුරජාණන් වහන්සේගේ මේ ධර්ම දේශනාව ශ්‍රවණය කිරීමට පැමිණ සිටි පිරිස අතර සුවිශේෂී පුද්ගලයෝ දෙදෙනෙක් සිටිය හ. එක් අයකු නම් සුමන සමන් දෙවිඳුන් ය. අනෙක් අය නම් කැලණියේ මණිඅක්ඛිත නා රජු ය. මේ දේශනාව අසා සුමන සමන් දෙවිඳු සෝවාන් ඵලයට පත්වූ අතර, මණිඅක්ඛිත රජු ප්‍රථම වතාවට තිසරණයෙහි පිහිටා උපාසකයෙක් බවට පත්විය.

කැලණි රාජමහා විහාරයේ පැවැත්වෙන වාර්ෂික දුරුතු පෙරහර පවත්වන්නේ බුදුරජාණන් වහන්සේගේ ප්‍රථම ලංකාගමනය සිහිපත් කිරීම පිණිස ය.

****

මගේ සීයා

කොණ්ඩෙ ටිකක් සුදු වුණාට
කතා කියයි හරිම රසට
මල් කඩලා බුදුන් පුදට
හිත ඇත්තෙම දනට පිනට