නව ළමා වාට්ටු සංකීර්ණයක්
ඓතිහාසික රුහුණු කතරගම මහා දේවාලය බැතිමතුන්ගෙන් ලැබෙන පඬුරු මුදල් සහ
පරිත්‍යාගශීලීන්ගෙන් ලැබෙන ආධාර මත රුපියල් මිලියන එකසිය පනහක් පමණ වැයකර මහරගම
අපේක්ෂා රෝහලේ ඉදිකෙරෙමින් පවතින සිව්මහල් ළමා වාට්ටු සංකීර්ණයේ ඉදිකිරීම් කඩිනම්
කිරීමට පියවරගෙන ඇත.
රුහුණු කතරගම මහා දේවාලයේ බස්නායක නිලමේ ඩිෂාන් වික්‍රමරත්න ගුණසේකර මහතාගේ අදහසක්
අනුව ශ්‍රීලංකා ගුවන් හමුදාවේ ශ්‍රම දායකත්වයෙන් ඉදිකෙරෙන මෙම ළමා වාට්ටු සංකීර්ණයේ
ඉදිකිරීම් මෙම මාර්තු මාසය වන විට නිම කිරීමට නියමිත ය.
එහි 2024 වර්ෂයේ නව ඉදිකිරීම් සුභ මොහොතින් ශ්‍රීලංකා ගුවන්හමුදා රණවිරුවන් විසින්
ආරම්හ කරන ලදි.
ඩී.එස් ගුණතිලක
ඌව වෙල්ලස්ස විශේෂ |