අකාලික ශ්‍රී සද්ධර්මයේ අසිරිය
තමා ඉදිරියේ සිටියත් නැතත් මෛතී‍්‍ර සහගත කි‍්‍රයාවෙන්, වදනින්, සිතින්, වාසය කරනවා
කියලයි හික්මෙන්න ඕන. එහෙම හැසිරෙන ශ්‍රාවක පිරිසක් සමඟි සම්පන්නව වාසය කරනවා කියන
එක සිද්ධ වෙන දෙයක්
ඒ දිනවල අනුරුද්ධ ස්වාමීන් වහන්සේත්, නන්දිය ස්වාමීන් වහන්සේත්, කිම්බිල ස්වාමීන්
වහන්සේත් වාසය කළේ ගෝසිංග නම් වූ සල් වනයක. එම වනයට වැඩිය භාග්‍යවතුන් වහන්සේ
අනුරුද්ධ ස්වාමීන් වහන්සේගෙන් මෙසේ අසා සිටියා.
‘‘පින්වත් අනුරුද්ධ, කොහොම ද ඔබ සැමගේ සමඟිය? සමඟිව සතුටින් වාද විවාද නැතුව ඉන්නවා
නේ ද? එකිනෙකා කිරියි වතුරයි වගේ පි‍්‍රය ඇසින් බලමින් වාසය කරනවා නේ ද?”
‘‘ඇත්තෙන් ම ස්වාමීනි, අපි සමඟියෙන් ඉන්නෙ. අපි සමඟියෙන් සතුටු වෙනවා. වාද විවාද කර
ගන්නෙ නෑ. කිරියි වතුරයි එකතු වුණා වගේ අපි එකිනෙකා පි‍්‍රය ඇසින් බලමින් තමයි වාසය
කරන්නෙ.”
‘‘පින්වත් අනුරුද්ධ, ඔබ කොයි විදිහට ද සමඟිව ඉන්නෙ? සමඟිව සතුටු වෙන්නෙ? වාද විවාද
නැතිව ඉන්නෙ? කිරියි වතුරයි එකතු වුණා වගේ එකිනෙකා පි‍්‍රය ඇසින් බලමින් ඉන්නෙ?”
‘‘ස්වාමීනි, මට මේ විදිහටයි හිතෙන්නෙ. ‘ඇත්තෙන් ම මට ලාභයක්! ඇත්තෙන් ම මට යහපත්
ලාභයක්! මේ වගේ උතුම් සබ්බ්‍රහ්මචාරීන් වහන්සේ සමඟ එකට ජීවත් වෙන්න වාසනාව ලැබුණා
නෙව’ කියල.
ස්වාමීනි,ඒ ආයුෂ්මතුන් වහන්සේ මං ඉදිරියේ වැඩසිටියත් නැතත් මෛතී‍්‍ර සහගත වැඩ
කටයුතුවලින් ම යුක්ත වෙලයි මං ඉන්නෙ. ඒ වගේ ම ආයුෂ්මතුන් වහන්සේ මම ඉදිරියේ හිටියත්
නැතත් මං මෛතී‍්‍රය සහගත කතා බහෙන් ම යි ඉන්නෙ. ඒ ආයුෂ්මතුන් වහන්සේ මං ඉදිරියේ
සිටියත් නැතත් මං මෛතී‍්‍ර සහගත අදහස්වලින් ම යි ඉන්නෙ. ස්වාමීනි, මට මෙහෙමත්
හිතෙනවා. මගේ හිත අයින් කරල මේ ආයුෂ්මතුන් වහන්සේගේ හිතේ ස්වභාවය මං ඇති කර ගන්නවා
කියල. ඉතින් ස්වාමීනි, මං මගේ හිත පැත්තකින් තියනවා. මේ ආයුෂ්මතුන් වහන්සේ හිතන
විදිහට ම හිතනවා. එතකොට ස්වාමීනි, අපි වෙනස් වෙන්නෙ සිරුරුවලින් විතරයි. අපි
හදවත්වලින් එකයි.”
සම්බුදුරජාණන් වහන්සේගේ ළය මඬලේ උපන් උතුමන් වහන්සේගේ ජීවිත තුළ, මෙත් සිත හා
සමඟිය, නිවන් මඟ පිණිස වැසී ඇති ආකාරය නම් හරි අපූරුයි. කොහොම ද ඒ උතුමන් වහන්සේ
සමඟි සම්පන්නව වාසය කරන්නේ? බලන්න එහි ඇති සුන්දර ධර්මය. එහෙනම් අපිත් එකිනෙකාගේ
සමඟිය පිණිස, එකිනෙකා සමඟ එකට වාසය කිරීමේ ගුණය ම යි සිතන්න ඕන.
තමා ඉදිරියේ සිටියත් නැතත් මෛතී‍්‍ර සහගත කි‍්‍රයාවෙන්, වදනින්, සිතින්, වාසය කරනවා
කියලයි හික්මෙන්න ඕන. එහෙම හැසිරෙන ශ්‍රාවක පිරිසක් සමඟි සම්පන්නව වාසය කරනවා කියන
එක සිද්ධ වෙන දෙයක්.
එක තැනක සංඝරත්නයේ සමඟිය ගැන මෙසේ සඳහන් වෙනවා.
දිනක් උපාලි නම් ගෘහපතිතුමා භාග්‍යවතුන් වහන්සේ හමුවට පැමිණ සතුටු සාමීචිව කතා කොට
මෙසේ අසා සිටියා.
‘‘ස්වාමීනී, භාග්‍යවතුන් වහන්ස, කවර කරුණු මත සංඝයා සමගි වන්නේ වෙයි ද?”
‘‘උපාලි, මෙහිලා භික්ෂුව අධර්මය අධර්මය වශයෙන් පෙන්වයි. ධර්මය ධර්මය වශයෙන්
පෙන්වයි. අවිනය අවිනය වශයෙන් පෙන්වයි. විනය විනය වශයෙන් පෙන්වයි.
තථාගතයන් වහන්සේ විසින් නො පැවසූ, නො කියූ දෙය තථාගතයන් වහන්සේ විසින් නො පවසන
ලද්දේ ය, නො කියන ලද්දේ ය වශයෙන් පෙන්වයි. තථාගතයන් වහන්සේ විසින් පැවසූ, කියූ දෙය
තථාගතයන් වහන්සේ විසින් පවසන ලද්දේ ය, කියන ලද්දේ ය වශයෙන් පෙන්වයි.
තථාගතයන් වහන්සේ විසින් පුරුදු නො කරන ලද දෙය තථාගතයන් වහන්සේ විසින් පුරුදු නො කරන
ලද්දේ ය වශයෙන් පෙන්වයි. තථාගතයන් වහන්සේ විසින් පුරුදු කරන ලද දෙය තථාගතයන් වහන්සේ
විසින් පුරුදු කරන ලද්දේ ය වශයෙන් පෙන්වයි. තථාගතයන් වහන්සේ විසින් නො පනවන ලද දෙය
තථාගතයන් වහන්සේ විසින් නො පනවන ලද්දේ ය වශයෙන් පෙන්වයි. තථාගතයන් වහන්සේ විසින්
පනවන ලද දෙය තථාගතයන් වහන්සේ විසින් පනවන ලද්දේ ය වශයෙන් පෙන්වයි.
ඔවුහු මෙම දස කරුණෙන් සංඝයා තමා වටා රැස් නො කරත්. විශේෂයෙන් රැස් නො කරත්. වෙන්
වෙන් ව කර්ම නො කරත්. වෙන් වෙන් ව ප්‍රාතිමෝක්ෂය නො දෙසත්. උපාලි, මෙපමණකින් සංඝයා
සමඟි වූයේ වෙයි.”
බලන්න, අකාලික මුනි දහමේ අසිරිය. නිවැරැදි ඉලක්කයට ශ්‍රාවකයාට ඇවැසි සියලූ කාරණා
අර්ථ සහිතව භාග්‍යවතුන් වහන්සේ විසින් පෙන්වා දී තිබෙනවා.
පිරිසක් එකට වාසය කිරීමේ දී අදහසින් විවිධ වුව ද, නිවන් මඟ තුළ හික්මීමේ එක අදහසක
සියලූ දෙනා සිටිනවා නම්, ඔවුන් තුළයි සමඟිය පවතින්නේ. ඉහත කාරණා හොඳීන් විමසන්න.
තථාගත ධර්මය විකෘති නො කරන, තථාගත විනය වෙනස් නො කරන, තථාගත වචනය වෙනස් කොට පෙන්වා
නො දෙන, වෙනස් කොට පුරුදු නො කරන, පිරිසකට තමයි සමඟි සම්පන්න වීමේ භාග්‍ය උදාවන්නේ.
ඒ වගේ ම තථාගතයන් වහන්සේ පනවා වදාරන ලෝක සත්‍වයන් එසේ නො පනවන ලදැයි වෙනත් වූ අදහසක
වාසය කිරීමත් සමඟිය අහිමි කරවන්නක් ම යි.
ශ්‍රාවක සංඝරත්නය සමඟියෙන් යුතුව ම වාසය කිරීමෙන්, ඔවුනොවුන් නිවන නැති කර ගන්නේ නෑ
කියල භාග්‍යවතුන් වහන්සේ ඉතිවුත්තක පාලියේ සංඝ සාමග්ගි සූත්‍රයේ දී පෙන්වා දෙනවා.
‘‘පින්වත් මහණෙනි, මේ ලෝකයේ හට ගන්නවා නම් හට ගන්නා වූ එක ම එක දෙයක් තිබෙනවා. අන්න
ඒ දෙය බොහෝ දෙනෙකුට යහපත පිණිස, බොහෝ දෙනෙකුට සැපය පිණිස හේතු වෙනවා. බොහෝ
මිනිසුන්ගේත්, දෙවියන්ගේත් අර්ථය පිණිස, යහපත පිණිස, සැපය පිණිස ම යි හේතු වෙන්නේ.
මොකක්ද ඒ එක ම එක දෙය? එනම් සංඝයාගේ සමඟිය යි. පින්වත් මහණෙනි, සංඝරත්නය සමඟි වුණ
විට, ඔවුනොවුන් කෝලාහල කර ගැනීම් නෑ. ඔවුනොවුන් බැණ ගන්නෙත් නෑ. ඔවුනොවුන් වට කරගෙන
රණ්ඩු වෙන්නෙත් නෑ. ඔවුනොවුන් ඇසුරෙන් බැහැර කරල දමන්නෙත් නෑ. එතකොට අපැහැදී සිටින
අයත් පැහැදෙනවා. පැහැදුන අයගේ ඒ පැහැදීම ගොඩාක් වැඩිවීම පිණිසත් හේතු වෙනවා.
සංඝයාගේ සමඟියත්, සමඟි වූ අයට අනුබල දීමත් සැපයක්. සමඟියේ ඇලූනු, ධර්මයේ පිහිටි
කෙනා තමන්ගේ අමා නිවන නැති කර ගන්නෙත් නෑ. සංඝයා සමඟි කරලා, කල්පයක් දෙව්ලොව සතුටු
වෙනවා.”
ශ්‍රාවක ජීවිතයක දී අපිටත් බොහෝ කාරණා පුරුදු කර ගන්න මේ ඔස්සේ පුළුවන්කම තිබෙනවා.
අපේ ජීවිතේ එකිනෙකාට තිබෙන රුචි අරුචිකම් වෙනස්. එකිනෙකා සිතන රටාවන් වෙනස්, ඇසුරු
කිරීමට කැමැති පිරිස වෙනස්, ඇත්තෙන් ම අපේ චරිත එකිනෙකාට වෙනස්. අප එකිනෙකා වෙනස්
වුව ද ජීවත් වෙන්නට සිදුව ඇත්තේ සාමූහිකව නො වේ ද? එක්ව ජීවත් වීමේ දී අපට යහපත්
ලෙස හෝ අයහපත් ලෙස එකිනෙකාව පේනවා. ගුණවත්කම් ද, අඩුපාඩු ද, දොස් ද අනෙකාට පේනවා.
අනෙකාගේ හෝ පිරිසගේ ගුණ අගුණ සැසඳීමට යනවා, කථා කිරීම ද, කි‍්‍රයා කිරීම ද එකිනෙකාට
පි‍්‍රය හෝ අපි‍්‍රය වෙනවා. එහෙත් පිරිසක් එකට වාසය කිරීමේ දී සමඟි සම්පන්නභාවය
තරම් සොඳුරු අත්දැකීමක් තවත් තිබේ ද? තමාගේ පෞද්ගලිකත්වය කැප කොට එකිනෙකාගේ සමඟිය
පිණිස යම් පිරිසක් වාසය කරන්නේ නම් එතැන ඇති පහසුව ඉතා මිහිරි වූ අත්දැකීමක් ම යි.
ඒ මහා සංඝරත්නය ගුණයක් මත පිහිටා රකින සමඟි සම්පන්න භාවය ඇත්තෙන්ම සුන්දරයි.
ශ්‍රාවක ජීවිතය සමඟිය කියන ධර්මයෙන් සුන්දර කර ගන්නට නම් ඒ ගුණ ධර්ම පුරුදු කිරීම ම
යි කළයුත්තේ. තථාගතයන් වහන්සේ අපට වදාළ ධර්මය ඒ ආකාරයෙන් පරිහරණය කිරීමයි හොඳ.
පිරිසක් සමඟ වාසය කිරීමේ දී පි‍්‍රය ඇසින් වාසය කිරීම ම යි හොඳ. මෛතී‍්‍ර සහගත වීම
ම යි හොඳ. වරදට සමාව දීමයි හොඳ. වරදට සමාව ගැනීමයි හොඳ. එකිනෙකාගේ අගුණ කතා නො
කිරීමයි හොඳ. අන්න ඒ ශ්‍රාවක පිරිස තුළ ඔවුනොවුන් අතර කෝලාහල කර ගැනීම් නෑ.
ඔවුනොවුන් බැණ ගැනීම් ඔවුනොවුන් වට කරගෙන රණ්ඩු කර ගැනීම් සිදුවන්නේ නැහැ. එවිට
අපැහැදී සිටින අයත් පැහැදෙනවා. පැහැදුන අයගේ ඒ පැහැදීම ගොඩාක් වැඩිවීම පිණිසත් හේතු
වෙනවා. එවිට ලෝකය පහදින්නේ සුගත වූ නිවන් මඟට යි. මේ නිසා ම යි සංඝරත්නයේ සමඟිය
ලෝකයට මහත් වූ සැපයක් ම වන්නේ.
නයනා නිල්මිණී |