Print this Article


සවන් යොමනු මැන

සවන් යොමනු මැන

සුසුම් පොදක් ලැබ ගන්නට වෙහෙසෙන
මිනිසුන් අතරේ ඔබ සැනසිල්ලේ
සුසුම් හෙළන බව සිහියට ගනු මැන
දුලබ සසර මඟ
යන මිනිසුනේ

ඇසි දිසි දෙය සොඳුරු
සිත් මඟ නොව නිසරු

දෙසවන් නොඇසෙන මිනිසුන් අතරේ
මිහිරි වදන් ඇසුමට පින් ඇති ඔබ
සවන් යොමනු මැන සදහම් ඇසුමට
දුලබ සසර මඟ
යන මිනිසුනේ

ඇසි දිසි දෙය සොඳුරු
සිත් මඟ නොව නිසරු

දෙපා නඟන්නට බැරි අය අතරේ
සුවයෙන් ඔබ පා තබනු ඇතී
දෙනුවන් නොපෙනෙන අසරණයින් ළඟ
සොඳුරු දසුන් ඔබ දකිනු ඇති
දුලබ සසර මඟ
යන මිනිසුනේ