Print this Article


සරු නිසරු දෙය නොතේරුන තැන ...

සරු නිසරු දෙය නොතේරුන තැන ...

අසාරෙ සාර මතිනො
සාරෙ චාසාර දස්සිනො
තෙ සාරං නාධි ගච්ඡන්ති
මිච්ඡා සංකප්ප ගොචරා

අසාර දැයෙහි සාර යැයි දෘෂ්ටිය ඇති, සාර දැයෙහි අසාර යැයි දෘෂ්ටිය ඇති තැනැත්තා වැරැදි කල්පනා ගොදුරු කොටැත්තාහු සාර ධර්මය නොලබති.

ඔබේ ජීවිතය සාර්ථක කර ගැනීමට අවශ්‍ය සාරධර්ම රාශියක් විවිධ සූත්‍ර ධර්ම තුළ සඳහන් වේ. මංගල සූත්‍රයෙන් සාරධර්ම තිස් අටක් පෙන්නුම් කරයි. එමෙන් ම ව්‍යග්ඝපජ්ප සූත්‍රය, සිඟාලොවාද වැනි සූත්‍රවලින් ද සාරධර්ම දියුණු කර ගත යුතු කරුණු රාශියක් අපට පෙන්වා දෙයි. ඒ අතරම පුද්ගලයාගේ ජීවිතය ආලෝක වෙනවා සමඟ ම ජීවිතය අඳුරු බවට පත් කරවන කරුණු රාශියක් ම බුදුරජාණන් වහන්සේ අපට පෙන්වා දෙයි. ඒ සූත්‍ර අතර පරාභව, වසල ආදී සූත්‍ර ද වෙයි.

මව්පිය, ගුරුවරු, වැඩිහිටි, ශ්‍රමණ, බ්‍රාහ්මණ ආදී අයට ගරු බුහුමන් කිරීම වටිනා සාරධර්ම නම් වෙති.

අයහපත කිරීම වඩා පහසුයි. එම නිසා අයහපත කරගන්නා තැනැත්තා දෙලොව ම අඳුරු කර ගනියි. යහපතෙහි යෙදෙන්නා දෙලොවම ආලෝක කර ගනියි. සාරධර්ම ආරක්ෂා කර සරු නිසරු දෙය වටහාගෙන නිසරු දෙය අතහැර සරු දෙයම අනුගමනය කර මෙලොව පරලොව සරුසාර කර ගන්නට අද සිට ම අදිටන් කර ගන්නට ඇප කැප වී ක්‍රියා කරන්න අප සැමට ශක්තිය ලැබේවා.