Print this Article


ධර්මාචාර්ය විභාග සඳහා අත්වැලක්: ථෙරවාදී බුද්ධ ධර්මයේ මූලික ඉගැන්වීම්

ධර්මාචාර්ය විභාග සඳහා අත්වැලක්:

ථෙරවාදී බුද්ධ ධර්මයේ මූලික ඉගැන්වීම්

03 කොටස

I කොටස

01. 01 සිට 07 තෙක් එක් එක් ප්‍රශ්නයට

නිවැරැදි පිළිතුර වරහන තුළින් තෝරා යටින් ඉරක් අඳින්න.

1.

අ) බුද්ධෝත්පත්ති සමයෙහි සිටි බොහොමයක් ශ්‍රමණ පිරිස් (ආත්මාර්ථ සාධනය / පරාර්ථ සාධනය) කෙරෙහි වඩාත් උනන්දු වූහ.

අ) ආත්මාර්ථ සාධනය / පරාර්ථ සාධනය

ආ) පස්වග තවුසන් ඇතුළු බොහෝ පැවිද්දන් දැඩිව විශ්වාස කළේ (අත්තකිලමථානුයෝගය / මධ්‍යම ප්‍රතිපදාව) මඟින් විමුක්තිය ලැබිය හැකි බවයි.

ආ) අත්තකිලමථානුයෝගය / මධ්‍යම ප්‍රතිපදාව

2.

අ) භික්ෂූන් සිවුපසය පරිභෝග කළ යුතු වන්නේ (ප්‍රත්‍යවේක්ෂා කිරීමෙන් / දායකයන්ට පින් දීමෙන්) පසුව බව බුද්ධ දේශනාවේ සඳහන් වේ.

අ) ප්‍රත්‍යවේක්ෂා කිරීමෙන් / දායකයන්ට පින් දීමෙන්

ආ) දැහැමිව උපයාගත් ධනයෙන් ලෞකික ජීවිතය ධාර්මික ව ගත කරන (භික්ෂුව / උපාසකයා) මරණින් පසුව සුගතිගාමී වන බව ධර්මයෙහි දැක්වේ.

ආ) භික්ෂුව / උපාසකයා

3.

අ) සිඟාලෝවාද සූත්‍රයෙහි සදිසා නමස්කාරයට අනුව මහණ බමුණන් (උඩ දිසාව / නො ඇසූ ධර්මය කියා දීමෙන්) අනුකම්පා කළ යුතු බව සිගාලෝවාද සූත්‍රයෙහි උගන්වා ඇත.

අ) උඩ දිශාව / නැඟෙනහිර ආ) තමාට සංග්‍රහ කරන කුලපුත්‍රයාට මහණ බමුණන් (පැවිද්ද ලබා දීමෙන් / නො ඇසූ ධර්මය කියා දීමෙන්) අනුකම්පා කළ යුතු බව සිගාලෝවාද සූත්‍රයෙහි උගන්වා ඇත.

ආ) පැවිද්ද ලබා දීමෙන් / නො ඇසූ ධර්මය කියාදීමෙන්

4.

අ) ගුණ දහමෙන් තමන්ට වැඩි හෝ තමන්ට සමාන මිතුරකු ඇසුරට නොවේ නම් (අඥානවන්තයකු සමඟ / හුදෙකලාව) විසීම යෝග්‍ය බව ධම්මපදයෙහි දැක්වේ.

අ) අඥානයෙකු සමඟ / හුදෙකලාව

ආ) ක්ෂත්‍රිය වංශයෙහි උපතත්, බුදුරජාණන් වහන්සේගේ ඥාතිත්වයත් (ථුල්ලතිස්ස / නන්ද) තෙරුන්ගේ උඩඟුකමට හේතු වූ බව ධම්මපද නිදාන කතාවක සඳහන් වේ.

ආ) ථුල්ලතිස්ස / නන්ද

5.

අ) ‘තාදි ගුණය’ යනු (කෙලෙසුන් තැවීමයි / අටලෝ දහමෙහි කම්පා නොවීමයි.)

අ) කෙලෙසුන් තැවීමයි / අටලෝ දහමෙහි කම්පා නොවීමයි

ආ) දානය දසමහා කුසල්වලට (අයත් වන / අයත් නොවන) පින්කමකි.

ආ අයත් වන / අයත් නොවන

6.

අ) ප්‍රාණඝාතය ආදී පස් පවෙන් වැළකී ජීවත් වන තැනැත්තා (ගුණවතෙකි/ සිල්වතෙකි)

අ) ගුණවතෙකි / සිල්වතෙකි

ආ) ‘අසෙවනා ච බාලානං’ යන පාලි පාඨයෙන් අදහස් වන්නේ (බාලයන් ඇසුරු නොකළ යුතු/ පණ්ඩිතයන් ඇසුරු කළ යුතු) බව ය.

ආ) බාලයන් ඇසුරු නොකළ යුතු / පණ්ඩිතයන් ඇසුරු කළ යුතු

7.

අ) බුදුරජාණන් වහන්සේ ජේතවනයෙහි වසන කල්හි මව පෝෂණය කරන භික්ෂුවක අරබයා (සාලිකේදාර / මණිකණ්ඨ) ජාතකය දේශනා කළ සේක.

අ) සාලිකේදාර ජාතකය / මණිකණ්ඨ ජාතකය

ආ) සැබෑ නායකයකු තුළ තිබිය යුතු ගුණාංග මනාව ප්‍රකට වන්නේ (තිත්තිර / මහාකපි) ජාතක කතාවෙනි.

ආ) තිත්තිර ජාතකය / මහාකපි ජාතකය

8.

සිංහලට නඟන්න

අ) අත්තනා’ච අවෙක්ඛෙය්‍ය - කතානී අකතානි ච

ආ) උදකංහි නයන්ති නෙත්තිකා - උසුකාරා නමයන්ති තෙජනං

9.

පහත සඳහන් අදහස් ඇති ධම්මපද ගාථා ලියන්න.

අ) සොරෙක් සොරෙකුට යම් නපුරක් කෙරේ ද, එසේම වෛර ඇති කෙනෙක් වෛරී පුද්ගලයකුට යම් නපුරක් කෙරේ ද, ඊටත් වඩා නපුරක් වරදවා තබන ලද සිත ඔහුට කරන්නේ ය.

ආ) දැඩි ලෙස ඝන වූ පර්වතය සුළඟින් නොසැලෙන්නේ යම් සේ ද, එමෙන් නුවණැත්තෝ නින්දා ප්‍රශංසාවන්හි කම්පා නොවෙති.

10.

‘අ’ කොටසේ යෙදුමට සම්බන්ධතාවක් දක්වන ඒවා ‘ආ’ කොටසෙන් තෝරා, තිත් ඉර මත ලියන්න.

(අ)                                         (ආ)

අධික තෘෂ්ණාව - ...............................

උදුම්බරඛාදක - ...............................

ගැටුම් නිරාකරණය - ...............................

පහත් චරිත ලක්ෂණ- ................................

පොහොයවත - ................................

භික්ෂු විනය - ................................

II කොටස

2.

1. ෂට් ශාස්තෘවරුන් අතුරින් ආත්මවාදය හෝ නාස්තික දෘෂ්ටිය නියෝජනය කළ ශාස්තෘවරුන් හතරදෙනකු නම් කරන්න.

2. යසකුල පුත්‍රයාගේ පැවිද්ද පිළිබඳ කෙටියෙන් ලියන්න.

3. විනයෙහි දැක්වෙන පැවිදි නොකළ යුතු පුද්ගලයන් අතුරින් සිවු දෙනෙකු දක්වා, ඔවුන් පැවිද්දට සුදුසු නොවන්නේ කවර හේතු නිසා දැයි පහදා දෙන්න.

3.

1. සිඟාලෝවාද සූත්‍රයට අනුව කුලපුත්‍රයකු විසින් මහණ බමුණන්ට උපස්ථාන කළ යුතු ආකාර හතරක් ලියා දක්වන්න.

2. කුලපුත්‍රයකු විසින් මහණ බමුණන් උදෙසා තම යුතුකම් ඉටුකළ විට ශාසනයේ පැවැත්ම තහවුරු වන ආකාරය දක්වන්න.

3. දැහැමි සමාජයක් ගොඩනැඟීම සඳහා ගිහි පැවිදි සම්බන්ධය ඉවහල් වන ආකාරය පෙන්වා දෙන්න.

4.

1. චන්ද්‍ර මාස ක්‍රමය අනුව ලැබෙන උපෝසථ දින හතර නම් කරන්න.

2. උපෝසථය සඳහා සංඝයා රැස්වීමට පෙර සිදු කළ යුතු ‘පුබ්බකරණය’ පැහැදිලි කරන්න.

3. පොහොය කර්මය තුළින් භික්ෂූන් අතර සමඟිය හා පාරිශුද්ධිය ඇති වන අයුරු පහදා දෙන්න.

5.

1. සිංහලට නඟන්න.

අ) උපාසකො චීවරං ආදාය බුද්ධං පූජයති.

ආ) තුම්හෙ බුද්ධස්ස ධම්මං සුනාථ

ඉ) දුට්ඨගාමිණී මහාරාජා ලංකාදීපං පාලයි.

ඊ) පිතා පුත්තෙන සද්ධිං නගරං ගච්ඡති.

2. මෙම වාක්‍ය පාලියට නඟන්න.

අ) දායකයා භික්ෂු සංඝයාට දන් දෙයි.

ආ) භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේගේ පා වැන්දාහ.

ඉ) සුදුසු කාලයෙහි වැසි වසීවා.

ඊ) අපි මවුපියන් සමඟ බුදුන් වඳින්නෙමු.

උ) භික්ෂුව ගමට ගොස් දහම් දෙසයි.

6.

1. මෙම පාඨය සිංහලට නඟන්න.

අතීතෙ බාරාණසියං බ්‍රහ්මදත්තෙ රජ්ජං

කාරෙන්තෙ බොධිසත්තො

හිමවන්තප්පදෙසෙ හත්ථියොනියං

නිබ්බත්තිත්වා සබ්බසෙතො අහොසි, අභිරූපො, අසීති හත්ථිසහස්ස පරිවාරො,

මාතා පන’ස්ස අන්ධා. සො මධුරමධුරානි

ඵලාඵලානි හත්ථිනං දත්වා මාතුසන්තිකං

පෙසෙති.

2. මවුපිය උපස්ථාන පිළිබඳ මාතුපෝසක ජාතක කතාවෙන් ලබා දෙන ආදර්ශය අගය කරන්න.

7.

1. මෙම පාඨය සිංහලට නඟන්න.

අථෙකදිවසං මණිකණ්ඨො නාම

නාගරාජා භවනා නික්ඛමිත්වා ගංගාතීරෙ

මාණවක වෙසෙන

විචරන්තො කණිට්ඨස්ස අස්සමං ගන්ත්වා

එකමන්තං නිසීදි.

තෙ අඤ්ඤමඤ්ඤං සම්මොදනකං

කත්වා විස්සාසිකා අහෙසුං.

2. මණිකණ්ඨ ජාතකයෙහි සඳහන් වන

නාරජුගේ හා තවුසාගේ කතා ප්‍රවෘත්තිය

ඇසුරෙන් සිතේ ස්වභාවය පහදා දෙන්න.

****

පිළිතුරු

I කොටස

1. අ) ආත්මාර්ථ සාධනය

ආ) අත්තකිලමථානුයෝගය

2. අ) ප්‍රත්‍යවේක්ෂා කිරීමෙන්

ආ) උපාසකයා

3. අ) උඩ දිශාව

ආ) නො ඇසූ ධර්මය කියාදීමෙන්

4. අ) හුදෙකලාව

ආ) ථුල්ලතිස්ස

5. අ) අටලෝ දහමෙහි කම්පා නොවීමයි

ආ) අයත් වන

6. අ) සිල්වතෙකි

ආ) බාලයන් ඇසුරු නොකළ යුතු

7. අ) සාලිකේදාර ජාතකය

ආ) මහාකපි ජාතකය

8. අ) තමා කළ දේ ද නොකළ දේ ද විමසා බැලිය යුතු ය.

ආ) දියාලුවෝ දිය ගෙනයති. හී වඩුවෝ හී දඬු නමති.

9. අ) දිසෝ දිසං යං තං කයිරා - වෙරි වා පන වෙරිනං

මිච්ඡා පණිහිතං චිත්තං - පාපියො නං තතො කරෙ

ආ) සෙලො යථා එකඝනො - වාතෙන න සමීරතී

එවං නින්දාපසංසාසු - න සමිඤ්ජන්ති පණ්ඩිතා

10. කොසිය සිටු

අයට වඩා වැය

අධිකරණ සමථ

වසල සූත්‍රය

ධම්මික සූත්‍රය

ප්‍රාතිමෝක්ෂය

II කොටස

2.

1. පූර්ණ කස්සප පකුධකච්චායන

අජිත කේසකම්බලි

සඤ්ජය බෙල්ලට්ඨිපුත්ත

2. බරණැස් නුවර යසකුලපුත් කම්සැප කෙරෙහි කලකිරී සසරින් එතෙර වීමට සිතා මැදියම රාත්‍රියෙහි ගෙයින් නික්ම බරණැස ඉසිපතනාරාමයට ගියේ ය. බුදුරජාණන් වහන්සේ යස කුලපුත්‍රයා තුළ පළමුව ශ්‍රද්ධාව ඇති කොට දහම් දෙසූ සේක. ධර්මය ඇසූ ඔහු ඇතිවන සියල්ල නැතිවන බව අවබෝධ කර ගත්තේ ය. පසුදින උදෑසන පුතා සොයමින් ඉසිපතනාරාමයට පැමිණි පියාට බුදුරජාණන් වහන්සේ ධර්මය දේශනා කරද්දී එය ඇසූ යසකුලපුත් රහත් බව ලබාගත් අතර පසුව ‘ඒහි භික්ඛු’ මහණ උපසම්පදාව ලබා ගත්තේ ය.

3.

කපුටකු එළවිය නොහැකි වියෙහි ළදරුවා, කුෂ්ඨ, ගෙඩි, වණ, ඇදුම, අපස්මාර රෝගවලින් පෙළෙන පුද්ගලයා, රාජ භටයා,ප්‍රසිද්ධ හොරා, සිරෙන් පැනගිය අපරාධකරු, අධිකරණයේ නම ලියැවුණු අපරාධකරු, වරදට කසයෙන් තළනු ලැබූ පුද්ගලයා, සිරුරෙහි සලකුණු තබා දඬුවම් කරනු ලැබූ අය, ණයකරු, දාසයා, දෙමව්පියන්ගෙන් අවසර නොලැබූ අය, අතක් සිඳුණු පුද්ගලයා, පයක් සිඳුණු පුද්ගලයා, අත් පා සිඳුණු පුද්ගලයා, කන සිඳුණු පුද්ගලයා, නැහැය සිඳුණු පුද්ගලයා, කන හා නැහැය සිඳුණු පුද්ගලයා, ඇඟිලි අග සිඳුණු පුද්ගලයා, ඇඟිලි සිඳුණු පුද්ගලයා, මහ නහර සිඳුණු පුද්ගලයා, ඇඟිලි එකිනෙක බැඳී ඇති පුද්ගලයා, මහ නහර සිඳුණු, මිටි තැනැත්තා, බෙල්ලෙහි ගෙඩි ඇති පුද්ගලයා, බරවා පා ඇත්තා, පාප රෝග ඇත්තා, පිරිස් මැද කැපී පෙනෙන විරූපි පුද්ගලයා, එක් ඇසක් කණ වූ පුද්ගලයා, අත් පා වක් වූ පුද්ගලයා, කොරා, සිරුරෙන් අඩක් පණ නැති පුද්ගලයා, පිළා, ජරා දුර්වල පුද්ගලයා, අන්ධයා, ගොළුවා, බිහිරා, අඳ - බිහිරි පුද්ගලයා, ගොළු - බිහිරි පුද්ගලයා, අඳ, ගොළු, බිහිරි පුද්ගලයා.

3.

1. මෛත්‍රී සහගත කාය කර්මයෙන්

මෛත්‍රී සහගත වාක් කර්මයෙන්

මෛත්‍රී සහගත මනෝ කර්මයෙන්

මහණ බමුණන් සඳහා ගේ දොර විවෘතව තැබීමෙන්

ආහාරපාන ආදිය පිළිගැන්වීමෙන්

2. පැවිද්දන් වනාහි ආත්ම විමුක්තිය සඳහා ක්‍රියාකාරකමින් ගිහි පිරිසට ධර්මය කියාදෙන පිරිසකි. ඔවුහු ධනෝපායන කර්මාන්තවල නොයෙදෙන අතරම දායකයන්ගෙන් යැපෙති. තමන්ගේ දෙලොව දියුණුවට මඟ කියාදෙන පැවිදි පිරිසට කයින්, වචනයෙන් පමණක් නොව සිතින් ද මෛත්‍රී දක්වන දායකයෝ උන්වහන්සේලාට තම නිවස නිරන්තරයෙන් ම විවෘතව තබමින් නිසි ගෞරවය හා පිළිගැනීම ලබා දෙති. මේ නිසා පැවිදි පිරිස සම්බාධක රහිතව පහසුවෙන් ජීවත්වෙති. සසුනට ඇලෙති. බණ භාවනාදියෙහි නිරත වීමෙන් තමන් ද ආධ්‍යාත්මික වශයෙන් දියුණු වෙමින් අනුන්ගේ ද යහපත සලසාලති. මේ හේතුවෙන් සම්බුද්ධ ශාසනයේ පැවැත්ම තහවුරු වේ.

3. ගිහි පිරිස පැවිද්දන් කෙරෙහි මෛත්‍රී සහගතව ක්‍රියා කරමින් ද, නිසි ගෞරවය හා පිළිගැනීම ලබා දෙමින් ද ක්‍රියා කරන විට පැවිදි පිරිස දායකයන් වෙත බලවත් කරුණාවෙන් තම යුතුකම් ඉටුකරති. ගිහි පැවිදි දෙපිරිස ම යුතුකම් ඉටුකරමින් වගකීමෙන් ක්‍රියාකිරීම නිසා පැවිදි ගිහි සම්බන්ධය ශක්තිමත් වේ. පැවිද්දන් ආධ්‍යාත්මික විමුක්තිය සඳහා ක්‍රියාකරමින් අර්ථවත් පැවිදි දිවියක් ගෙවන විට දායක පිරිස ද සීලාදී ගුණධර්ම ප්‍රගුණ කිරීමට යොමු වෙති.

4.

1. පසළොස්වක, අමාවක, පුර අටවක, අව අටවක

2. 1. සීමා මාලකය ඇමදීම.

2. පහන් දැල්වීම.

3. බිමට හා පා සේදීමට අවශ්‍ය ජලය තැබීම.

4. ආසන පැනවීම.

3. උපසපන් භික්ෂූන් වහන්සේ අඩමසකට වරක් රැස්ව ඇවැත් දේශනා කොට පිරිසුදුව ප්‍රාතිමෝක්ෂය දේශනා කරති. එසේ රැස්වන්නේ සමගි සංඝයා යි. සීලාදියෙන් පිරිසුදු වූ, සමගි වූ, විනයට අනුව ක්‍රියා කරන මෙම පිරිස එකම කණ්ඩායමක් ලෙස පෙනී සිටිති. පොහොය විනය කර්මය අවසන් කරන්නේ සංඝස්ථවිරයන් වහන්සේ විසින් සමඟිය හා පාරිශුද්ධිය පිළිබඳ නැවතත් සංඝයාට සිහිපත් කිරීමෙන් පසුවයි.

5.

1. අ) උපාසකයා සිවුරක් ගෙන බුදුන් පුදයි.

ආ) නුඹලා බුදුරජාණන් වහන්සේගේ ධර්මය අසව්.

ඉ) දුටුගැමුණු මහරජු ලක්දිව පාලනය කළේ ය.

ඊ) පියා පුතා සමඟ නගරයට යයි.

2. අ) දායකො භික්ඛු සංඝස්ස දානං දෙති.

ආ) භික්ඛවො භගවතො පාදෙ වන්දිංසු.

ඉ) දෙවො වස්සතු කාලෙන.

ඊ) මයං මාතාපිතරෙහි සද්ධිං බුද්ධං වන්දිස්සාම.

උ) භික්ඛු ගාමං ගන්ත්වා ධම්මං දේසෙති.

6.

1. පෙර බරණැස බ්‍රහ්මදත්ත රජු රාජ්‍යය කරවන කල්හි බෝධිසත්වයන් හිමවතෙහි ඇත් කුලයෙහි ඉපිද මුළුමනින් දැකුම්කලු වූ, සුදු වූ දහසක් ඇතුන් පිරිවරා ගත්, ඇතෙක් විය. ඔහුගේ මව අන්ධ ය. හෙතෙම මිහිරි වූ පලතුරු ඇතුන්ට දී මව වෙත යවයි.

2. මාතුපෝසක ජාතකයෙහි වර්තමාන කථාවෙහි මෙන්ම අතීත කථාවෙහි ද මව පෝෂණය කළ පුවත් සඳහන් වේ. ගිහි ගෙයින් නික්ම නිර්වාණය අපේක්ෂාවෙන් පැවිදි බව ලබා සිටින භික්ෂුවක් අසරණ මවට උපස්ථාන කරයි. මෙය අගය කරන බුදුරජාණන් වහන්සේ මිනිසුන් පමණක් නොව තිරිසන් සතුන් පවා අසරණ මවට උවටැන් කළ බව දේශනා කළහ. ගුණවත් ඇත් රජෙක් අසූ දහසක පමණ ඇත් රැළ අතහැර අන්ධ මව පෝෂණය කරයි. බරණැස් රජු මේ ඇතා අල්වාගත් පසුව මව ගැනම සිතමින් අහර නොගෙන වැලපෙයි. පසුව රජුගේ කරුණාව දිනා ගන්නා ඇත්රජු නිදහස ලැබ මවට උවටැන් කරයි. මේ නිසා රජුගේ පමණක් නොව රට වැසියාගේ ද ගෞරවය ලබයි.

මෙම කතා පුවතෙන්, මව්පියන් අසරණ වූ විට දරුවන් විසින් ම ඔවුන්ට ඇප උපකාර කළ යුතු බව.

දයාබර දරුවන් නිසා මව්පියන් බලවත් සේ සතුටට පත්වන බව.

දරුවන් දක්නට නොලැබීම නිසා මව්පියන් බලවත් සේ දුකට පත්වන බව.

මව්පියන් පෝෂණය කරන දරුවන් ආධ්‍යාත්මික සතුටක් ලබන අතරම ඔවුන් ගුණවතුන් බවට පත්වීම.

මෙබදූ දූ දරුවන්ට සමාජයෙන් ගරු බුහුමන් ලැබෙන බව.

7.

1. ඉක්බිති දිනක් මණිකණ්ඨ නම් නාග රාජයා නිවසින් නික්ම ගංතෙර මිනිස් වෙසින් ඇවිදින්නේ කණිට්ඨගේ අසපුවට ගොස් එකත් පස්ව හිඳ ගත්තේ ය. ඔවුහු එකිනෙකා සතුටු සාමීචි කතා කොට විශ්වාසවන්තයෝ වූහ.

2. මේ භයානක සිදුවීම නිසා තවුසා මහත් බියෙන් පසුවෙයි. ඒ නිසාම තවුසාගේ සිරුර වැහැරී දුර්වර්ණ වේ. අනතුරුව දෙටු තවුසාගේ උපදෙස් පරිදි පළමුව නා රජුගේ පැමිණීම අකැමැතිව ගෙලේ බැඳි මැණික ඉල්වයි. තෙවන වර දක්වා ඉල්ලීම නිසා කලකිරුණ නාරජු පලායයි. ඉන්පසු නා රජු නොදැකීමෙන් තවුසා බලවත් සේ දුකට පත්වෙයි. කරුණු අවබෝධ කරදුන් දෙටු තවුසා සොයුරු කනිටු තවුසාට සැනසුම ලබා දෙයි.