Print this Article


නව නිවසක් පරිත්‍යාග කෙරේ

නව නිවසක් පරිත්‍යාග කෙරේ

අනුරාධපුර විලච්චිය පේමඩුව ශ්‍රී සුමංගල පිරිවෙන් විහාරස්ථානයේ විහාරාධිපති විලච්චිය ශාසනාරක්ෂක බල මණ්ඩලයේ සභාපති පේමඩුවේ සුමංගල හිමිපාණන් වහන්සේගේ අනුශාසනාවෙන් පේමඩුව රන්දූව පදිංචි දිළිඳු පවුලකට නව නිවසක් පරිත්‍යාග කෙරිණි. එම අවස්ථාවේ දී උන්වහන්සේ කියා සිටියේ මෙම නව නිවස සාදා ගැනීමට සිද්ධාර්ථ විදුහලේ විදුහල් පතිතුමා,වාරිමාර්ග දෙපාර්තමේන්තුව, වනජීවී දෙපාර්තමේන්තුව, සුරවීර මහත්මාගේ පවුලේ අය, ග්‍රාමනිලධාරීතුමා, සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව, පන්සලේ දායක දායිකාවන්, ප්‍රාදේශීය ලේකම් කාර්යාලය, පොලිස්ථානය ආදී සියලු ම දෙනා උදව් උපකාර කළ නිසා මාස තුනක් වැනි කෙටි කාලයකින් රුපියල් ලක්ෂ හතළිහකට වැඩි වටිනාකමක් ඇති නිවස මෙම පවුලට ලබා දීමට හැකි වූ බවයි. කඨින පින්කම සමග මෙම උදාර කටයුත්තට දායකත්වය දැක්වූ සියලුම දෙනාට ආශීර්වාද කරන බවයි.