Print this Article


පුරාණ සත්බුදු මහා විහාරයේ අසිරිමත් කඨින මහා පින්කම

පුරාණ සත්බුදු මහා විහාරයේ අසිරිමත් කඨින මහා පින්කම

මොරොන්තුඩුව පුරාණ සත්බුදු විහාරයේ වාර්ෂික කඨින පූජා මහෝත්සවය (20) සඳුදා දින දවස පුරා පැවැත්වීමට කටයුතු සම්පාදනය කොට ඇත.

මෙදින දහවල් තිස් පස් නමක් විෂයයෙහි අෂ්ට පරිෂ්කාර සහිත සංඝගත දක්ෂිණාවකි. නොවැම්බර් 15දා පෙ.ව. 8.00ට ආරම්භ වූ කිරි ආහාර බුද්ධ පූජාව හා පිරිත් දේශනා 20 වන සඳුදා දක්වා නොකඩවා පැවැත්වේ. පින්කම් දායකත්වය මොරොන්තුඩුව, මාරගහවත්ත පදිංචි ජයරත්න පෙරේරා හා අශෝකා සිරිවර්ධන ප්‍රධාන දායකත්වය දරයි. මෙවර කඨින පෙරහරේ ගමන් මාර්ගය වන්නේ මාරගහවත්ත ප්‍රධාන මාර්ගයට පිවිස කලපුගම පාරේ ගොස් අතොල්ල, වලව්වත්ත, පතඟිවත්ත පසුකොට සොහොන පාරෙන් නැවත ප්‍රධාන මාර්ගයට පිවිස බටහේන මෙනේරිහේන් තුඩුව හරහා චම්ලිපුර ගුණසේකරවත්ත, මහලන්ද දක්වා ගොස් කුරුන්ද සේපාලි උයන, මාවල දේවාල පාර, මහරුක්ම කුරුඳුවත්ත පසුකොට මොරොන්තුඩුව මංසන්දිය දක්වා ගොස් ධීරානන්ද මාවත ඔස්සේ විහාරස්ථානයට ළඟාවේ.

පංච මහා විහාරාධිපති අනුරාධපුර මහ දිසාවේ ප්‍රධාන සංඝනායක කම්මට්ඨානාචාර්ය පරගස්තොට සුධම්ම නාහිමියන්ගේ හා විහාරාධිකාරි මතුගම මහින්ද හිමියන්ගේ අනුශාසනා පරිදි උත්සවයේ කටයුතු සංවිධානය වේ.