Print this Article


ශ්‍රී සෝභිත නාහිමි ගම්මානය ජනතා අයිතියට

ශ්‍රී සෝභිත නාහිමි ගම්මානය ජනතා අයිතියට

මාදුළුවාවේ සෝභිත නාහිමිපාණන් වහන්සේ අපවත් වී වසර අටක් ගතවීම නිමිත්තෙන් උන්වහන්සේ විසින් සංවර්ධනය කරන ලද අනුරාධපුර, ඔයාමඩුව, ඇලපත්ගම ගම්මානය වර්තමානයේ “ශ්‍රී සෝභිත නාහිමි ගම්මානය” ලෙස නම් කර ඇති අතර, එම ගම්මානයේ අඩු ආදායම්ලාභීන් සඳහා ඉදි කෙරෙමින් පවතින නිවාස 150ක් අතුරින් ඉන්දියානු රජයේ ආධාර යටතේ ඉදිකර අවසන් වූ නිවාස 7ක් සංකේතාත්මක ව ගම්වැසියන් වෙත භාරදීමත්, විහාරස්ථානයේ සංඝාවාසය සහ පුස්තකාලය විවෘත කිරීමත් පසුගිය දින සිදු කෙරිණ.

මෙම අවස්ථාවට තන්තිරිමලේ චන්ද්‍රරතන නායක හිමිපාණන් වහන්සේ, අලව්වේ ගුණරතන හිමිපාණන් වහන්සේ ඇතුළු අතිපූජනීය මහා සංඝරත්නය ද හිටපු කථානායක කරු ජයසූරිය මහතා, ඉන්දියානු මහ කොමසාරිස්වරයා නියෝජනය කරමින් එල්ඩර්ස් මැතිව් මහතා ඇතුළු විදෙස් නියෝජිතයන් ද , මහාචාර්ය සරත් විජේසූරිය මහතා ඇතුළු ප්‍රදේශවාසීන් පිරිසක් ද මෙම අවස්ථාවට සහභාගි වී සිටියහ.