Print this Article


මම මල සහ ලෝකය

මම මල සහ ලෝකය

මම අද උදයේ
එ’මල දකින තුටින්
මල වෙත ගිය සඳ
මල නැත තිබුණේ
ඒ අතු මුදුනේ

මල්පෙති පරවී ගැලවී
බිම වැටී දිසුණේ
සතුටින් රඟ දුන්
බඹර සමනලුන්
නැත අද එ’මලේ
අහසේ පාවුන
නිල් රතු පැහැ වළා
අතුරුදන් වෙලා
අඳුරු කළු වළා
අහසෙ පාවෙනා

ඊයේ පෙරේදා
තිබු මල සහ වළා
බමර සමනලුන්
වෙනස්වෙලා ගිහින්
ඒ වගේම සිතත්
මගේ වෙනස් වෙලා
ඊයේට වඩා වෙනස්
අද වෙන දිනයක්
අදට වඩා වෙනස්
හෙට තව දිනයක්
ඊට වඩා වෙනස්
තව තව දිනයන්

වෙනස් වෙවී ලොව
දුවනවා වේගෙන්
ලොව සැම අනියත
දහමකි නියතෙන්