Print this Article


විද්‍යොත්තංස පිරිවෙන් විහාරස්ථානයේ අභිනව සෑ රදුන්ගේ කොත නිරාවරණ පුණ්‍ය මහොත්සවය

විද්‍යොත්තංස පිරිවෙන් විහාරස්ථානයේ

අභිනව සෑ රදුන්ගේ කොත නිරාවරණ පුණ්‍ය මහොත්සවය

ඓතිහාසික බදුල්ල, විහාරගොඩ, විද්‍යොත්තංස පිරිවෙන් විහාරස්ථානයේ අභිනවයෙන් ඉදිකළ චෛත්‍ය රාජයාණන් වහන්සේගේ ධාතුන් වහන්සේ තැන්පත් කිරීම, කොත් පැළඳවීම හා කොත් නිරාවරණය කිරීමේ පින්කම ලබන 12 වැනිදා උදෑසන 10.09 ට පමණ යෙදෙන සුබ මොහොතින් සිදු කිරීමට නියමිත ය.

මෙම පින්කම් මාලාව බදුල්ල විහාරගොඩ, විද්‍යොත්තංස පිරිවෙන් පරිවෙනාධිපති සහ විහාරාධිපති, ඌවේ ස්‍යාමවංශික මහානිකායේ පාලුගම විහාර පාර්ශ්වයේ ප්‍රධාන සංඝනායක ගෞරව ශාස්ත්‍රවේදී දික්කාපිටියේ පඤ්ඤාලෝක නායක ස්වාමින්ද්‍රයන් වහන්සේගේ අනුශාසනාව පරිදි නියෝජ්‍ය පරිවෙනාධිපති රාජකීය පණ්ඩිත ගෞරව ශාස්ත්‍රවේදී උදේනිගම සීලරතන හිමියන්ගේ සංවිධානත්වයෙන් හා ඌව ස්‍යාමවංශික මහා නිකායේ ශ්‍රීමත් මහානායක කැප්පැටිපොල එරබද්ද ශ්‍රී විවේකාරාමාධීපති අති ගෞරවාර්හ බැටහිරේ සෝරතාභිධාන මහානායක ස්වාමින්ද්‍රයන් වහන්සේගේ ප්‍රධානත්වයෙන් හා ප්‍රදේශවාසී මහා සංඝ රත්නයේ සහභාගිත්වයෙන් සිදු කිරීමට නියමිතය.

බදුල්ල විද්‍යොත්තංස පිරිවෙන ඌවේ පැරැණිතම පිරිවෙණයි.