Print this Article


වරද වැටහුණි

වරද වැටහුණි

සුළු අරගලය දිග්ගැස්සී බොහෝ දුර
ලේ වැගිරුමක් දක්වා ගිය අනාදර
මගෙ මව සමඟ එකකුසහොත් සහෝදර
හිමියනි මේ මගේ මාමා මහෝදර

මව් උරුමයේ මගෙ හිමිකම දෙනුය කියා
ඒ මිණි පළඟ ගැන කෑදර ගතිය තියා
වයසක මගේ මාමා ජය ලබන නියා
මා මහ අකීකරු නපුරෙක් බවට ගියා

සීයාගේ ඇවෑමෙන් එය අයිති වුණ
මාමණ්ඩියට එරෙහිව අව මඟට පැන
නා පරපුරට අවමානය රැගෙන දෙන
මා කළ වරද පෙන්වා දුනි තිලොව මිණ

සිහසුන පරිදි නා රජ පෙළපතට හිමී
ඒ මිණි පළඟ හිමි අය ‘නා නිරිඳු’ නමී
මාමණ්ඩිගෙන් රජකම පැහැරුමට නැමී
මා කළ වරද වටහා දුනි තිලොව හිමී