Print this Article


සසුන් කෙත ඔපවත් කරන බුද්ධ පුත්‍රයන් වහන්සේ විල්පිට ගුණසිරි හිමිපාණෝ

සසුන් කෙත ඔපවත් කරන බුද්ධ පුත්‍රයන් වහන්සේ විල්පිට ගුණසිරි හිමිපාණෝ

වර්ෂ 1998.10.29 දින ඒ.වී.ජී. චිත්‍රානි මෑණියන්, කේ.වී. චන්ද්‍රදාස පියතුමන් මව්පියන්ව ගුණසිරි හිමියන් මෙලොව එළිය දුටුවේ ය. කුඩා කල සිටම පැවිදි දිවියට තිබූ රුචිකත්වය නිසාම මව්පියන්ගේ ආශිර්වාද ඇතිව වර්ෂ 2008.11.10 දින කිරිමැටිමුල්ල ශ්‍රී වර්ධනාරාම විහාරස්ථානයේ දී පැවිදි විය. ඒ සියම් මහා නිකායේ ශ්‍රී රෝහන පාර්ශවයේ ගරු උපසම්පදා කාරක සංඝ සභික, කිරිමැටිමුල්ල ශ්‍රී වර්ධනාරාමය හා හම්බන්තොට මෛත්‍රීගම, මෛත්‍රී විහාරය යන උභය විහාරාධිශ්වර, විශ්‍රාමලත් පරිවේනාධිපති, සුල්තානාගොඩ ජනානන්ද නායක ස්වාමීන් වහන්සේ විසින් පැවිදි කළ අතර ගුණසිරි හිමියන්ගේ ගුරු හිමියන් වහන්සේ ද විය. ඒ නායක හිමියන් යටතේ සියම් මහා නිකායේ ශ්‍රී රෝහන උපෝසථාගාරයේ දී උපසම්පදාව ලබන ලදී.

ගුණසිරි හිමියන් මූලික අධ්‍යාපනය අකුරැස්ස විද්‍යානන්ද මූලික පිරිවෙනත්, ගාල්ල ධර්මදූත මහා පිරිවෙනත් වූ අතර උසස් අධ්‍යාපන කටයුතු සිදු කරන ලද්දේ මාතර ශ්‍රී සුදර්ශී විද්‍යායතන පිරිවෙනෙන් ය. උසස් පෙළ විභාගය ඉහළින් සමත් වූ මේ හිමියන් තම ප්‍රථම උපාධිය සඳහා ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලයට තෝරා ගනු ලැබීය. ශාස්ත්‍රවේදී උපාධිය පන්ති සාමාර්ථ සහිතව ඉහළින් සමත් වූ ඒ හිමියන් මේ වන විට කැලණිය විශ්ව විද්‍යාලයේ දර්ශනපති උපාධිය හදාරමින් සිටියි. මීට අමතරව නුගේගොඩ පඤ්ඤෝදය මහ පිරිවෙනෙහි පරිවෙණාචාර්ය හිමි නමක් ලෙස කටයුතු සිදු කරන අතර මීට අමතරව ගුරුවරයෙකු ලෙස කටයුතු කරන මේ හිමියන්, කොළඹ දිස්ත්‍රික් සිංහල භාෂා හා සාහිත්‍ය ගුරු සංගමයේ උප ලේකම් හිමි ලෙස ද කටයුතු කරයි. බුදුසරණ පුවත්පතට බෞද්ධ ලිපි ලිවීම හා සියම් මහා නිකායේ ශ්‍රී රෝහන පුවත් පතේ සහාය සංස්කාරක හිමිනමක් ලෙස ද ක්‍රියා කරයි.