Print this Article


පී‍්‍රතිය ගෙනදෙන සම්පත් උපදවන මඟ

පී‍්‍රතිය ගෙනදෙන සම්පත් උපදවන මඟ

(චිත්තලතා විමානය ඛුද්දක නිකාය – විමාන වත්ථු)

තව්තිසා දෙව්ලොව සිටින දෙව් දේවතාවන්ගේ පිනට චිත්‍රලතා නමින් සුන්දර වනයක් පහළව තිබෙනවා. එය උපමා කොට මුගලන් මහ රහතන් වහන්සේ එක් දිව්‍ය පුත්‍රයකුගෙන් මෙසේ අසා වදාළා.

මහානුභාව ඇති දිව්‍ය පුත්‍රය, අධික දිව්‍ය සම්පත් ලබන ඔබ මනුස්ස ලෝකයේ දී මොන වගේ පිනක් ද කර ගත්තේ? මෙතරම් ආනුභාවයක් ඔබට ලැබුණේ කිනම් පිනක් නිසා ද? ඔබේ සිරුරෙන් විහිදෙන එළියෙන් හැම දිසාව ම බබළනවා.

එය ඇසුණු දිව්‍ය පුත්‍රයා ගොඩාක් සතුටු වුණා. මෙහෙම කියා සිටියා.

පින්වත් ස්වාමින් වහන්ස, මනුස්ස ලෝකයේ සිටිය කාලේ මම හරි දුප්පත්. අසරණයි. දීනයි. අනුන්ට අතපා ජීවත්වෙමින් කුලී වැඩ කරමින් හිටියේ. නමුත් මගේ මවුපියන් හොඳට ම වයසට ගිහින් දුර්වල වෙලා සිටි කාලයේ මම ඔවුන්ට දිවි හිමියෙන් උපස්ථාන කළා.

ඒ වගේම සිල්වතුන් වහන්සේට මම හුඟක් පි‍්‍රය කළා. උන්වහන්සේ ගැන සිත පහදවාගෙන හිටියේ. මම බොහෝම පිළිවෙලට දන්පැන් හදලා මහා දාන පූජා කළා. ඒ පිනෙන් තමයි මෙවැනි ලස්සනක් මට ලැබුණේ. සිතට පී‍්‍රතිය උපදින මේ සියලු සැප සම්පත් ලැබුණේ ඒ සුන්දර පින් නිසාම යි. ආනුභාව සම්පන්න බැබළි බැබළී ඉන්නේ එදා මම කරගත් ඒ පින නිසාමයි.