Print this Article


පෝදා පින්කම්

ඓතිහාසික ශ්‍රී කල්‍යාණි රාජමහා විහාරය

පෙරවරු 6.00 - 7.00 සීල සමාදානය හා උදෑසන බුද්ධ පූජාව ශාස්ත්‍රවේදී රන්දිලිගම මහින්ද හිමි, 8.00 - 9.00 භාවනා ශ්‍රී කල්‍යාණි උභය රාජමහා විහාරාධිපති, ජ්‍යෙෂ්ඨ මහාචාර්ය කොල්ලුපිටියේ මහින්ද සංඝරක්ඛිත නා හිමි, 9.00 - 10.00 ධර්ම දේශනාව ශාස්ත්‍රපති ලුණුගම්වෙහෙර නාරද හිමි, 10.00- 11.00 ධම්මපදයෙන් බිඳක් - කැලණියේ ශාසනවංශ හිමි, 11.00 - 11.30 බුද්ධපූජාව - ඇතිමලේ සීලානන්ද හිමි, පස්වරු, 2.00 - 3.00 වෛද්‍ය දේශනය 3.00 - 4.00 ධර්ම දේශනාව ශාස්ත්‍රපති කරපුටුගල රේවත හිමි,4.00 - 5.00 ධර්ම දේශනාව ශාස්ත්‍රවේදී පුංචිහේනේගම සිරිනිවාස හිමි, 5.00 - 6.00 භාවනාව කොල්ලුපිටියේ මහින්ද සංඝරක්ඛිත නාහිමි, 6.00 - 7.00 ගිලන්පස බුද්ධ පූජාව ආචාර්ය දෙනියායේ පඤ්ඤාලෝක බුද්ධරක්ඛිත හිමි.

කොටුබැම්මපාර ධර්මාශ්‍රම විහාරය

උදේ 6.00 සීල සමාදානය, 7.00 උදේ බුද්ධ පූජාව, 8.00 රූපවාහිනී ධර්ම දේශනාව, 9.00 බොරැල්ලේ කෝවිද හිමියන්ගේ ධර්ම දේශනාව, 10.00 බෞද්ධ කථාව, 11.00 බුද්ධ පූජාව, සවස 1.00 සාමූහික පිරිත් දේශනාව, 2.00 භාවනාව, 3.00 ජාතක කතා ධර්ම දේශනාව, සවස 4.00 ත්‍රිපිටක විශාරද පණ්ඩිත කහගොල්ලේ සෝමවංශ හිමියන්ගේ ධර්ම දේශනාව. රාත්‍රී 7.00 අටවිසි බුද්ධ පූජාව හා බෝධි පූජාව.

කොබවක ශ්‍රී සුමනාරාමය

පෙරවරු 6.25 ට සිල් සමාදන් කරවීම, උදෑසන බුද්ධ වන්දනාව හා අනුශාසනාව කොබවක ශ්‍රී සුමනාරාම මහා විහාරාධිපති දෙල්මෑල්ලේ සුමනරතන හිමි, 8.00 ධර්ම දේශනාව බේරුවල මග්ගොන ශ්‍රී නිග්‍රෝධාරාම විහාරාධිපති කොබවක ධම්මසීවලී හිමි, 9.00 ධර්ම සාකච්ඡාව කොබවක ධම්මසීවලී හිමි සමඟ යූ.ඩී. ලේකම්ගේ මහතා, 11.00 දහවල් සම්බුද්ධ පූජා වන්දනාව අනුරාධපුර මානිංගමුවේ කුසලසිරි හිමි, සවස 4.00 සවස ධර්ම දේශනාව ශාස්ත්‍රපති පණ්ඩිත මොරපිටියේ ශ්‍රී ධම්මතිලක නා හිමි, සවස 6.30 සැමට සෙත් පතා පවත්වනු ලබන ආශීර්වාද බෝධි පූජා පින්කම ගෝවින්නේ සුබෝධි හිමි විසිනි. ඊට සමගාමීව ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ වෙළඳ සේවයේ සදහම් දහර විශේෂ ආගමික වැඩසටහන වප් පෝය දින දවස පුරා කොබවක ශ්‍රී සුමනාරාමයේ සිට සජීවීව විකාශනය වේ.

තලවතුගොඩ සංඝමිත්තාරාමය

අලුයම 05.30 ප්‍රණීත ක්ෂීරපායාස පූජාව, උදේ 6.00-7.00 සීල සමාදානය, 8.00-9.00 ධර්ම දේශනාව කන්දේගෙදර සෝභිත හිමි, 9.30 - 10.30 ධර්ම දේශනාව දංකොටුවේ ධීරා සිල් මාතාව, පස්වරු 12.30 - 1.30 ධර්ම දේශනාව කැලණියේ අජිත හිමි, 3.00-4.00 ධර්ම දේශනාව රත්මලානේ රතනසිරි හිමි, සවස 6.00ට ගිලන්පස බුද්ධ පූජාව.

සිරි වජිරඤාණ ධර්මායතනය - මහරගම

වැඩිහිටි සීල සමාදානය

පෙරවරු 6.00 - 7.00 සීල සමාදානය සහ බුද්ධ පූජාව පැවැත්වීම, මලංගම පඤ්ඤාසාර හිමි 8.00 - 9.00 භාවනාව - රාජකීය පණ්ඩිත ශාස්ත්‍රපති හක්මන සුමනසිරි නාහිමි, 9.00 - 10.00 ධර්ම දේශනාව ශාස්ත්‍රපති රාජකීය පණ්ඩිත වල්ගම සුමන හිමි, 10.00 - 11.00 සූත්‍ර දේශනාව, රාජකීය පණ්ඩිත ශාස්ත්‍රපති පානදුර පසන්න හිමි, 11.00 - 11.15 බුද්ධ පූජාව තලංගල්ලේ ධම්මදස්සි හිමි, කලුඅග්ගල විජිත ධම්ම හිමි. පස්වරු 12.20 - 1.00 පිරිත් හා තෙරුවන් ගුණ දඹුලුවන සෝභිත හිමි, බුලත්සිංහල සුවචධම්ම හිමි, 1.00 - 2.00 ධර්ම සාකච්ඡාව ආචාර්ය මඩිහේ සුගතසිරි නාහිමි, 2.00 - 3.00 ධර්ම දේශනය ත්‍රිපිටකාචාර්ය හඳපාන්ගොඩ ධම්මරංසි හිමි, 3.00 - 3.45 ධර්ම දේශනාව කොබෙයිගනේ ධම්මදස්සි හිමි, 4.00 - 5.00 ධර්ම දේශනය ශාස්ත්‍රවේදී පණ්ඩිත කඹුරුගමුවේ මහානාග හිමි, 5.00 - 6.00 ධම්මපදය විනයාචාර්ය මැණික්බෝවේ දීපාලෝක හිමි, 6.00 - 6.30 බෝධි පූජාව රාජකීය පණ්ඩිත ශාස්ත්‍රපති හක්මන සුමනසිරි නා හිමි.

බත්තරමුල්ල සිරි සුදස්සනාරාම සදහම් අසපුව

පෙරවරු 6.00 - 7.00 සීල සමාදානය හා තෙරුවන් වන්දනාව 8.15 - 10.00 භාවනාව, 10.00 -11.00 ධර්ම දේශනාව, 11.00 - 11.30 තෙරුවන් වන්දනාව උදෑසන වැඩසටහන් මෙහෙයවීම ආචාර්ය මිරිස්සේ ධම්මික නා හිමියන් විසිනි. පස්වරු 12.30 - 1.00 සූත්‍ර සජ්ඣායනාව, 1.00 - 2.00 ධර්ම දේශනාව වෙහෙරකැලේ සද්ධාලංකාර හිමි, 2.00 - 3.30 ධර්ම සාකච්ඡාව නීතියගම චන්දිම හිමි, 4.00 - 5.00 ධර්ම දේශනාව ඉඟුරුහේනේ ධම්මදේව හිමි, රාත්‍රී 7.00 ට සම්බුද්ධ පූජාව පැවැත්වේ.