Print this Article


වහුමුවේ විජයවංස නාහිමිපාණන් වහන්සේ අපවත් වෙති

වහුමුවේ විජයවංස නාහිමිපාණන් වහන්සේ අපවත් වෙති

දශක දෙකකට වැඩි කාලයක් බුදුසරණ පුවත්පත වෙනුවෙන් දහම් ලිපි සම්පාදනය කළ කොළඹ 08 රාජායතන බෞද්ධ මධ්‍යස්ථානාධිපති, අනුරාධපුර මහාවිහාර පිරුවනේ විශ්‍රාමික පරිවේණාධිපති, අස්ගිරි මහාවිහාර පාර්ශ්වයේ කොළඹ නව කෝරළයේ සහ නව තොටමුණේ ප්‍රධාන සංඝනායක වහුමුවේ විජයවංස නාහිමි පසුගිය 13 වැනි දින අපවත් වී වදාළ සේක.

නාහිමිපාණන් වහන්සේගේ අවසාන කැමැත්ත පරිදි දේහය කොළඹ විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයට පිරිනමන ලදී.