Print this Article


පාසල් උපකරණ පරිත්‍යාගයක්

පාසල් උපකරණ පරිත්‍යාගයක්

බුත්තල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පිරිවෙන්වල අධ්‍යාපනය ලබන සාමණේර ස්වාමීන් වහන්සේ ඇතුළු පාසල් දරුදැරියන් 100 දෙනකුට පාසල් බෑගයක්,පොත් කට්ටිලයක් සහ රුපියල් තුන්දහසක් වටිනා සපත්තු වවුචර්පතක් බැගින් පිරිනැමීම ඉකුත් (09) වැනිදා බුත්තල ප්‍රාදේශීය ලේකම් කාර්යාල ශ්‍රවණාගාරයේ දී සිදු කෙරිණි.

මෙම අවස්ථාවට වැඩම කළ බුත්තල යුදඟනාව රාජමහා විහාරයේ විහාරාධිපති ඌව වෙල්ලස්ස දෙදිසාවේ ප්‍රධාන සංඝනායක ශාස්ත්‍රපති පණ්ඩිත ගල්ටැම්වත්තේ නන්දරතන හිමියන් විසින් දරුදැරියන්ට පාසල් උපකරණ බෙදාදෙන ලදී.

මොනරාගල දිසාපති පසන් රත්නායක සහ බුත්තල ප්‍රාදේශීය ලේකම් ආර්.එම්.එස් තිලකරත්න යන මහත්වරු ද උත්සවයට සහභාගී වූහ.