Print this Article


නවසීලන්ත තානාපති කතරගම පුදබිමේ

නවසීලන්ත තානාපති කතරගම පුදබිමේ

ශ්‍රී ලංකාවේ නවසීලන්ත තානාපති මයිකල් ඇපල්ටන් මහතා ඉකුත් (09) වෙනිදා කතරගම පුදබිමේ සංචාරයක නිරත විය. කතරගම කිරිවෙහෙර චෛත්‍යයරාජයාණන් වහන්සේ වැඳ පුදාගත් තානාපතිවරයා ඓතිහාසික රුහුණු කතරගම මහා දේවාලයට පැමිණ දේවාශීර්වාදය ලබා ගත්තේය. කතරගම පුදබිමේ සිදුකෙරිණ සංවර්ධනය කටයුතු නිරීක්ෂණය කළ ඒ මහතා ඓතිහාසික රුහුණු කතරගම මහා දේවාලයේ බස්නායක නිළමේ තැන්පත් ඩිෂාන් වික්‍රමරත්න ගුණසේකර මහතා හමුවී සුහද පිළිසඳරක නිරතවීමෙන් අනතුරුව නිළමේවරයා විසින් තානාපතිවරයාට සමරු ඵලකයක් පිරිනමන ලදී.

ඩී.එස් ගුණතිලක ඌව වෙල්ලස්ස විශේෂ