Print this Article


ධර්මාචාර්ය විභාග සඳහා අත්වැලක්:

ධර්මාචාර්ය විභාග සඳහා අත්වැලක්:

ථෙරවාදී බුද්ධ ධර්මයේ මූලික ඉගැන්වීම්

03 කොටස

බෞද්ධ සමාජ දර්ශනය 2018 (2019)

I කොටස

1)

1) රාජ්‍ය පාලනයක අභිවෘද්ධියට හේතු වන සප්ත අපරිහාණීය ධර්ම ඇතුළත් වන්නේ කිනම් සූත්‍රයක ද?

2) අඹු සැමියන් වශයෙන් එක්වන ස්ත්‍රී පුරුෂයන් ගුණාංග හතරකින් සමාන

වන්නේ නම් මෙලොව පමණක් නොව පරලොව ද එක්වීමක් ම අපේක්ෂා කළ හැකි බව බුදුන් වහන්සේ පෙන්වා දුන්හ. එම සමාන ව පැවතිය යුතු ගුණාංග අතුරින් තුනක් ලියා දක්වන්න.

3) ස්වාමි පුරුෂයකු කෙරෙහි අයෝග්‍ය ලෙස පිළිපදින භාර්යාවන් තිදෙනා නම් කරන්න.

4) බුදුරදුන්ගේ ඉගැන්වීමට අනුව විශ්වය ලෝකධාතු තුනකින් සකස් වී තිබේ. එම ලෝකධාතු තුන ලියා දක්වන්න.

5) ලෝකය සංවට්ටමාන යුගයෙහි ආභස්සර කායික සත්ත්වයින් පෘථිවිය වෙත පැමිණීමේ දී ඔවුන් තුළ විද්‍යමාන වූ මූලික ලක්ෂණ තුනක් ඉදිරිපත් කරන්න.

6) සංසාර සංකල්පය උගන්වන බුදුසමය සත්ත්වයා පඤ්චගතියක උපත ලබන බව පෙන්වා දෙයි. එම පඤ්චගති අතුරින් තුනක් නම් කරන්න.

7) චක්කවත්ති සීහනාද සූත්‍ර ඉගැන්වීමට අනුව සොබාදහමේ සමතුලිත බව ව්‍යාකූල වීමට විෂම මනුෂ්‍ය චර්යාව ඉවහල් වේ. මනුෂ්‍ය චර්යාව විෂම වීමෙහිලා බලපාන මනෝමූලික කරුණු තුන ලියා දක්වන්න.

8) මිනිසා උපතින් උසස් හෝ පහත් යැයි නොපිළිගන්නා බුදුසමය ආගමික චර්යාව හා බැඳෙන ගුණාංග මඟින් ශ්‍රේෂ්ඨත්වයට පත්ව බ්‍රාහ්මණයකු වන අයුරු පහත ගාථාවෙන් උගන්වයි.

තපෙන බ්‍රහ්මචරියෙන – සංයමෙන දමෙන ච
එතෙහි බ්‍රාහ්මණො හොති – එතං බ්‍රාහ්මණ මුත්තමං

මෙහි ප්‍රකාශිත උසස් ගුණාංග තුනක් පෙන්වා දෙන්න.

9) ගණතන්ත්‍ර රාජ්‍යවල පාලන පිළිවෙතෙහි මූලික ලක්ෂණ තුනක් ඉදිරිපත් කරන්න.

10) භාෂාවේ ගෞරවාන්විත හා අර්ථාන්විත භාවිතය පිළිබඳ මානවයාට ඇති අයිතිය තහවුරු කිරීමෙහිලා බුදුසමය වාචසික සංවරය අවධාරණය කරයි. මෙහිලා නිර්දේශිත ශික්ෂා පද තුනක් ගෙන හැර දක්වන්න.

II කොටස

2)

1) සිඟාලෝවාද සූත්‍රයට අනුව යට දිශාව නියෝජනය කරන පිරිස නම් කොට ඔවුන්ට ඉටු කළ යුතු යුතුකම් හා ප්‍රදානය කළ යුතු අයිතිවාසිකම් දක්වන්න.

2) සදිසා නමස්කාර සමාජ සංකල්පයෙහි සදිසා නම් කර, ඊට අදාළ පුද්ගල ප්‍රභේද කවරේදැයි කෙටියෙන් හඳුන්වන්න.

3) නූතන පවුල් සංස්ථාවෙහි – අඹුසැමියන් අතර පැනනැඟී ඇති ගෘහස්ථ අර්බුද අවම කර ගැනීමෙහිලා සිඟාලෝවාද සූත්‍රයේ ස්වාමි – භාර්යා යුතුකම් හා වගකීම් කොතෙක් දුරට අදාළ වේ දැයි විමසන්න.

3)

1) පරිසරය හා ඍජුව ම සම්බන්ධ වන නියාම ධර්ම දෙක නම් කරන්න.

2) අධර්ම රාගය, විෂම ලෝභය, මිථ්‍යාදෘෂ්ටිය පැතිරීමෙන් පරිසරයට හානි පැමිණේ. දීඝනිකායේ චක්කවත්තිසීහනාද සූත්‍රයේ දැක්වෙන එකී හානිදායක තත්ත්ව විස්තර කරන්න.

3) සමාජ සංස්ථාවල ප්‍රභවය හා පරිණාමය පිළිබඳ අග්ගඤ්ඤ සූත්‍රය ඉදිරිපත් කරන කරුණු අතුරින් හතරක් ගෙනහැර දක්වන්න.

4)

1) ගෘහස්ථයන්ට ගැළපෙන ධර්මයක් ඉගෙනීමට බුදුරදුන් වෙත පැමිණි දීඝ ජාණු කෝළිය පුත්‍රයා තමන් හඳුන්වා දෙමින් ඉදිරිපත් කළ ගිහියාගේ ස්වභාවයන් අතුරින් හතරක් පෙන්වා දෙන්න.

2) පරිභෝජනවාදී ආර්ථිකය තුළ ගෘහස්ථයා වින්දනය කළ යුතු අණන සූත්‍රාගත සැප හතර හඳුන්වා ඉන් එකක් විස්තර කරන්න.

3) අග්ගඤ්ඤ සූත්‍රයෙහි ලෝක විභාගයට අදාළ ඉගැන්වීමෙහි සංවට්ටමාන හා විවට්ටමාන කෙටියෙන් පැහැදිලි කරන්න.

5)

1) වර්ණභේද සංකල්පය බිඳ දැමීමට බුදුරදුන් ක්‍රියාත්මක කළ ප්‍රායෝගික පියවර දෙකක් නම් කරන්න.

2) වර්ණභේද සංකල්පය නිසා භාරතීය සමාජය පීඩාවට පත් වූ ආකාරය පිළිබඳ කෙටි සටහනක් ඉදිරිපත් කරන්න.

3) “මිනිසා ධනය රැස්කළ යුත්තේ තමා පමණක් සැපවත්වීම (ස්වාර්ථය) ට පමණක් නොව පරාර්ථය පිණිස ද යෙදවීමට ය.”

බුදුසමයේ ධනය පිළිබඳ ආයතන පරිභෝජන සංකල්පය ඇසුරින් ඉහත ප්‍රකාශය තහවුරු කරන්න.

6)

1) දීඝනිකායේ මහා ගෝවින්ද සූත්‍රයේ දැක්වෙන සප්තභාරතයට අයත් ජනපද අතුරින් හතරක් නම් කරන්න.

2) චක්‍රවර්ති රජුගේ ජාතික පාලන ප්‍රතිපත්ති නම් කර ඒ පිළිබඳ කෙටි හැඳින්වීමක් කරන්න.

3) ජනගහන පාලනයෙහිලා නූතනයෙහි යම් ප්‍රවණතාවක් වී ඇති ගර්භනාසය හෙවත් ගබ්සාව විෂයයෙහි බුදුසමයේ ආකල්පය දක්වා, එහි ලා ඉදිරිපත් කළ හැකි නිර්දේශ සාකච්ඡා කරන්න.

7)

1) බුද්ධකාලීන ව භාරතයේ පැවති වෘත්තීන් හතරක් නම් කරන්න.

2) වාණිජ වෘත්තිකයන් විසින් වැළකී සිටිය යුතු යැයි දැක්වෙන පංචවිධ වෙළඳාම් නම් කර කෙටි හැඳින්වීමක් කරන්න.

3) වර්තමාන ශ්‍රී ලාංකික සමාජයේ විවිධ ආගමික පිරිස් අතර දෘෂ්ටිවාද හා විවිධ ක්‍රියාකාරකම් හා වරින්වර පැනනඟින නොසන්සුන්තා සමනයට බුදුරදුන්ගේ ආගමික සහනශීලි ප්‍රතිපත්තිය උපයෝගී කර ගත හැකි ආකාරය ඉදිරිපත් කරන්න.

8)

1) මානව සමාජය තුළ නීතිය, යුක්තිය හා දණ්ඩනයේ අවශ්‍යතාව ප්‍රකට කිරීමෙහිලා බලපාන සාධක හතරක් ඉදිරිපත් කරන්න.

2) මිනිසා හා බැඳී පවත්නා, විශ්ව සාධාරණ ලෙස බලපාන නියාම ධර්ම අතුරින් හතරක් නම් කරන්න.

3) බුදුසමයෙහි ඉගැන්වෙන සංසාර සංකල්පය ජීව – අජීව පරිසරය කෙරෙහි බලපාන අයුරු කෙටියෙන් පැහැදිලි කරන්න.


පිළිතුරු

01.

1. දීඝනිකායේ - මහාපරිනිබ්බාන සූත්‍රයේ

2. අ) සද්ධා ආ) සීල

ඉ) චාග ඊ) පඤ්ඤා

3. අ) වධක සම ආ) චොරී සම

ඉ) අය්‍ය සම

4. චූළනිකා ලෝක ධාතු

මජ්ක්‍ධිමා ලෝක ධාතු

මහා ලෝක ධාතු

5. සයං පභා පීති භක්ඛා

ආකාසචාරී මනොමය කායිකා

6. නිරය තිරච්ඡාන

පෙත මනුස්ස දේව

7. අධර්ම රාගය

විෂම ලෝභය

මිච්ඡා දිට්ඨිය

8. තපෙන බ්‍රහ්මචරියෙන -

සංයමෙන දමෙන ච

එතෙහි බ්‍රාහ්මණො හොති -

එතං බ්‍රාහ්මණ මුත්තමං

තපස බ්‍රහ්මචරියාව

සංයමය දමනය

9. අ) නිතර රැස්වීම

සමගියෙන් රැස්වී සමගියෙන් කටයුතු

කරසමගියෙන් විසිර යෑම.

ආ) නොපැන වූ දේ නොපනවා පැන වූ දේ පිළිපැදීම.

ඉ) වැඩිහිටියන්ගේ අදහස්වලට ගරු කිරීම.

ඊ) ස්ත්‍රීන්ට අයුතු බලපෑම් නොකිරීම

පුරාණ සිද්ධස්ථාන රැක ගැනීම.

උ) ආගන්තුකව පැමිණෙන ආගමික උතුමන් වෙත රැකවරණය හා පහසුකම් සැපයීම.

10. මුසාවාද වෙරමණී

පිසුණා වාචා වෙරමණී

ඵරුසා වාචා වෙරමණි

සම්පප්පලාපා වෙරමණී

II කොටස

02.

1. අ) යට දිසාව - දාස කම්කරු පිරිස්.

ආ) හැකියාව අනුව සේවා නියම කිරීම.

ආහාර පාන හා වැටුප් ලබා දීම.

රෝගී වූ විට උවටැන් කිරීම.

විශේෂ රසවත් දෑ බෙදා දීම.

වරින් වර සුදුසු කාලයට නිවාඩු ලබා දීම.

2. මාතා පිතා දිසා පුබ්බා - නැඟෙනහිර - මවුපියන්

ආචරියා දක්ඛිණා දිසා - දකුණ - ගුරුවරු

පුත්තදාරා දිසා පච්චා - බටහිර - අඹු, දරුවන්

මිත්තා - මිච්චාච උත්තරා - උතුර - මිත්‍ර -

දාස කම්මකරා හෙට්ඨා - යට - දැසි දස් කම්කරු - සේවකයෝ

උද්ධං සමණ බ්‍රාහ්මණා - උඩ - ශ්‍රමණ - බ්‍රාහ්මණවරු - පැවිද්දෝ

3. භාර්යාවට

1. ගෞරවාන්විතව ක්‍රියා කිරීමෙන්

2. අගෞරව නොකිරීමෙන්

3. දුසිරිතෙහි නොයෙදීම

4. ඉසුරු පවරා දීමෙන්

5. ආභරණ ආදිය ගෙන දීමෙන් ස්වාමියාට

1. නිවසේ යුතුකම් මැනවින් සැලසුම් කිරීමෙන්

2. පිරිවර ජනයාට නිසිලෙස සංග්‍රහ කිරීමෙන්

3. දුසිරිතෙහි නොයෙදීමෙන්

4. මිල මුදල් ආදිය විනාශ නොකිරීමෙන්

5. දක්ෂව අලස නොවී සියලු කටයුතු කිරීමෙන්

03.

1. උතු නියාම

බීජ නියාම

2. නිසි කලට වැසි නොලැබීම.

අකලට වැසි වැටීම.

කෘමී උවදුරු වැනි වසංගතවලින් වගා හානිවීම.

අස්වැන්න හීන වීම.

පෝෂණීය ආහාර විරල වීම.

රෝගී බව හා මියයෑම.

ආයු පරිහානිය.

වයස අවුරුදු පහේ දී විවාහ වී දහයේ දී මියයෑම.

ගිතෙල් වෙඬරු මී පැණි ආදී විශිෂ්ට රස අතුරුදන්වීම.

සාදාචාර පරිහානිය

පරිසර විනාශය.

3.

1. අහෝ රසං අහෝ රසං (අනේ රසයි අනේ රසයි)

2. අහු වත නෝ, අහාසි වත හෝ (අපිට තිබුණා, නැති වුණා)

3. වධූය, නිබ්බුය්ස්හමානාය, පසුංඛිපති ලෙබ්බු ඛිපත, ගොමයං ඛිපන්ති (මනාලියක කැඳවාගෙන යන විට පස්, ගල් කැට, ගොම ආදිය දමා ගැසීම)

4. මහා සම්මත ,ඛත්තිය, රාජා යන රාජ සංස්ථාව

5. බ්‍රාහ්මණ, ඣායක, අජ්ඣායක (අධ්‍යාපන සංස්ථාව ආගමික සංස්ථාව)

6. වෙස්ස (සිටුවර සංස්ථාව - වෙළඳ ප්‍රජාව)

7. සුද්දා (මෙහෙවර කරන්නන්, සේවක ප්‍රජාව ආදිය)

04.

1. ඔදාතවත්ථ වාසනා

ජාතරූප රජතං සාදියති

කායික චන්දනං පච්චනුභාම

පුත්තදාරසම්බාධ සයනං අජ්ඣාවසාම

සුදුවත් ඇඳීම

මිල මුදල් භාවිතය

සුවඳ විලවුන් භාවිතය

අඹුදරු කරදර සහිත වීම

2. අත්ථි සුඛ අණන සුඛ

භෝග සුඛ අනවජ්ජ සුඛ

3. සංවට්ටමාන යනු හැකිළීමයි. විවට්ටමාන යනු විකාශනයයි. මෙහි ලෝකය නම් විශ්වයයි. එම ඉගැන්වීමට අනුව විශ්වය චූලනිකා ලෝක ධාතු, මජ්ක්‍ධිමකා ලෝකධාතු හා මහා ලෝක ධාතු යනුවෙන් තුනකට බෙදේ. මෙයින් කුඩාම වන්නේ චූලනිකා ලෝක ධාතුයි. එම චූලනිකා ලෝක ධාතු රැසකින් මජ්ක්‍ධිමකා ලෝක ධාතුවක්ද එවැනි රැසකින් මහා ලෝක ධාතුවක් ද සෑදෙයි.

එම ලෝක ධාතුන් සංවට්ටමාන යුගයෙහි සත්ව ජීවිතය අපහසුය. සත්වයෝ ආභස්සර කායිකව සූක්ෂ්ම ස්වරූපයෙන් ජීවත් වෙති. ලෝකයෙහි විවට්ටමාන යුගයෙහි ආභස්සර කායික සත්ත්වයෝ ඉන් චුතව පෘථිවියට එති. පෘථිවිය එකම ජල ගෝලයක් මෙන් අඳුරෙහි දිගු කලක් පවතී. මෙහි වාසයට එන සත්ත්වයෝ ආකාසචාරි, සයං සභාව, පීති හක්ඛාව හැසිරෙති. කල්යාමේ දී ජලගෝලය රස පාථිවිය වේ. එතැන් සිට රස තෘෂ්ණාව හේතු කොටගෙන ලෝකයේ වෙනස් වීමත්, සත්ත්වයාගේ ස්වරූපයත් වෙනස් වේ. මෙසේ ලෝකයේ විකාශනය විවට්ටමාන යැයි කියනු ලැබේ.

05.

1. සියලු කුලවලින් පැවිදි කරවීම.

සියලු කුලවලින් දානය පිළිගැනීම.

පහත් කුලයට අයත් යැයි සම්මත මුඩුහිස දැරීම.

2. සමාජ ස්ථරායතනය වැළකීම.

අධ්‍යාපන අවස්ථා යම් පිරිසකට අහිමිවීම.

කුසලතා මත උසස්වීම අහිමි වීම.

ස්ත්‍රීන්ගේ අයිතීන් අහිමි වීම.

3. අත්තානං සුඛේති පීණේති -

තමා ද සුවපත් වෙයි පිනවයි.

මාතා පිතරො සුඛේති පීණේති - මවුපියවරු සුවපත් වෙයි පිනවයි.

පුත්තදාරා සුඛේති පිණේති -

අඹු දරුවන් සුවපත් වෙයි පිනවයි.

ඤාති මිත්තා සුඛේති පිණේති -

ඥාති මිත්‍රයින් සුවපත් වෙයි පිනවයි.

06.

1. කාලිංග - දන්තපුර

අවන්ති - මාහිස්සක

සොවීර - රූරුක

අස්සක - පොතක

විදේහ - මිථිලා

අංග - වම්හ

කාසි - බරාණසී

2. රජ පවුලේ සාමාජිකයන්, ක්ෂත්‍රිය බ්‍රාහ්මණ වෛශ්‍ය පිරිස්, ගම්වැසියන්, පැවිදි පිරිස්, සිවුපාවුන්, පක්ෂින් ඇතුළු සැමට දැහැමි රැකවරණය හා ආරක්ෂා සැලසීම.

රටේ අධර්මය, අපරාධ මර්දනඩ

නිර්ධනයන්ට ධනය ලබා දී සමෘද්ධිය ඇති කිරීම.

ශ්‍රමණ බ්‍රාහ්මණ පිරිස වෙතින් අනුශාසන ලබමින් ධාර්මික ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීම.

3. ගර්භ පාතනය හෙවත් ගබ්සාව ප්‍රාණඝාත අකුසලයට අයත් වීම.

ප්‍රාණඝාත විරමණ ශික්ෂාව උල්ලංඝනය වීම. එබැවින් දහමේ මූලික ආචාර ධර්මවලට හා කර්ම සිද්ධාන්තයට එකඟ නොවීම.

උප්පත්ති නිවාරණ උපකරණ භාවිතය.

මෛථුන විරතිය - බෞද්ධ ශික්ෂණ ක්‍රමණයට අනුව උසස් ගුණයක් වීම.

කුසලාකුසල නිර්ණය සඳහා වූ බෞද්ධ නිර්ණායක අනුව ක්‍රියා කිරීම.

ජීවියකුගේ ප්‍රතිසන්ධියට අදාළ ක්‍රියා මාර්ග වැළැක්වීම උපත් පාලන ක්‍රම මඟින් සිදු කළ හැකිවීම ආදී කරුණු.

07.

1. කෘෂිකර්මාන්තය වාණිජ්‍යය

පශු රක්ෂණය රාජ්‍ය සේවය

ශිල්ප කර්මාන්ත හමුදා සේවය

2. සත්ත වණිජ්ජා සත්ථ වණිජ්ජා

විස වණිජ්ජා මංස වණිජ්ජා

මජ්ජ වණිජ්ජා තුලා කුට

මාන කුට කංස කුට

3. අන්‍යාගමික පැවිද්දන් නිරයගාමීන් හෝ ජාති ජරා සංසාරයේ ගිලී නැසෙන්නන් ලෙස හැඳින්වීමට බුදුරදුන් ඉදිරිපත් නොවීම.

ඔවුන්ගේ යහපත්, ගුණාංග දැකීමෙහිලා උන්වහන්සේ නොපැකිළිව ක්‍රියා කිරීම.

බුදුරදුන් අන්‍යාගමික ගුරුවරුන් සමඟ සුහද සංවාද හා සබඳතා පැවැත්වීම.

බුදුරදුන් දන් වැළඳීමෙන් අනතුරුව අන්‍යාගමික ආරාම වෙත වැඩම කරනු දුටු ඔවුහු සිය ශිෂ්‍යයන් නිශ්ශබ්ද කරවමින් උන්වහන්සේ සාදරයෙන් පිළිගැනීම.

අන්‍යාගමික ශ්‍රාවකයන් සිය ආගමට හරවා ගැනීමට උත්සුක නොවීම හා එබඳු අවස්ථාවල හා දන් පිළිගැන්වීම දිගටම කරගෙන යන ලෙසට උපදෙස් දීම.

බුදුරදුන්ගේ සහනශීලි වූ ආක්‍රමණ පරවශ නොවූ සෞම්‍ය ධර්ම ප්‍රචාරක ක්‍රමය තේරුම් ගැනීමට උදුම්බරික සීහනාද සූත්‍රය උදාහරණ වේ.

මහා පරිනිබ්බාන සූත්‍රයේ සප්ත අපරිහානිය ධර්ම අතර සිය විජිතයෙහි සාම්ප්‍රදායික, පාරම්පරික, ආගමික සිද්ධස්ථාන වෙත පෙර පටන් කරගෙන, පුරුදු පුහුණු කළ ගෞරවය, සත්කාරය නොකඩ කොට සිදු කිරීම අපරිහානී ධර්මයක් ලෙස පෙන්වා දීම ආදී කරුණු.

08.

1. අධ්‍යාපන පහසුකම් සැලසීමේ ගැටලු.

සෞඛ්‍ය පහසුකම් සැලසීමේ ගැටලු.

නිවාස පහසුකම් සැලසීමේ ගැටලු.

මහාමාර්ග ප්‍රවාහන පහසුකම් සැලසීමේ ගැටලු.

රැකී රක්ෂා සැපයීමේ ගැටලු.

ආර්ථික පහසුකම් සැලසීමේ ගැටලු.

2. උතු නියාමය, බීජ නියාමය, ධම්ම නියාමය, කම්ම නියාමය හා චිත්ත නියාමය යනුයි.

3. සෑම සංසාරික සත්ත්වයකු ම සසර ගමන තුළ විවිධ සත්ත්ව නිකායවල උපත ලැබීම.

දේව, මනුෂ්‍ය, නරක, තිරිසන් හා ප්‍රේත යන පඤ්ච ගතියෙන් උපත ලැබීම සියල්ලන්ට ම පොදුවන බැවින් සකල ජීව වර්ගයා විෂයෙහි අපගේ සම්බන්ධයක් පැවතීම.

වෘක්ෂ ලතාවන්හි පවා අල්පේශාක්‍ය දේවතාවන් (ආරාම දේවතා, වන දේවතා) කෙරෙහි ආකල්පය (මහා පරිනිබ්බාන සූත්‍රය ඇසුරින්)

ගෘහ වස්තුවලට අධිගෘහිත දේවතාවන් (අධි වත්ථා දේවතා) වාස්තු දේවතා ආදින් ගැන කෙටියෙන් දක්වා තිබීම.

භූතා වා සම්භවේසීවා - සබ්බේ සත්තා භවන්්තු සුඛි තත්තා ආදිය .

පරිසරය පිළිබඳ සංයුක්ත නිකායේ වනරෝප සූත්‍රය, පරිනිබ්බාන සූත්‍රයේ රමණීයං ආනන්ද වේසාලියං..... ආදිය ද

ථෙර ගාථා, ථේරී ගාථා ආදියෙහි රහත් භික්ෂු භික්ෂුණීන් වහන්සේගේ පරිසර වර්ණනා ආදිය.