Print this Article


පහන් සිතක කවි

සුමන සමන් දෙවි මහරජ

අප පිනට ඉපැදුණ
මේ රට සදා රැක දෙන
බුදු සසුන ද රකින
සමන් දෙව් රජ වෙසෙයි දැහැමින

බුදු හිමි වැඩි හැම වර
ළඟ හිඳ කළේ පුද සර
සිත දමට යොමු කර
සරණ ගිය දෙව් රජෙකි මනහර

සමනොළට අධිපති
දහමට සදා සිත් ඇති
රැක දනන් පින් ඇති
සබරගමු පිට දිවැස් හෙළති...

තවත් දිගු කලකට
ආයුෂ පතමි ඔබ හට
නිරතුරු වසන දෙරණට
ඔබේ කරුණා සිත් ලබන්නට...

බුදු දහම් සඟ ගුණ
දරමින් සිතින් හැම දින
පුදමින් තුති නිතින
සමන් දෙවිඳුන් පුදමු දැහැමින...


නෙළුම විලස

ජීවිතයට අඳුර ඒවි
එය නොතකන්න
ඒ අඳුරේ ගැටී නොසිට
එළිය ලබන්න

මඩ පිරි දිය යට ඉපදුණ
නෙළුමක් විලසින්
පෙති විහිදා සුවඳ දිදී
ලොවට පිපෙන්න

සුවඳ විදා පරිසරය ම
සුවඳ කරන්න
ජීවත් වෙන කෙටි කාලය
සතුටින් ඉන්න

මඩ පිරි ඒ අතීතයට
යළි නොම යන්න
කිසිවක් හරිහැටි නොපෙනෙන
හෙට නොසිතන්න

මේ මොහොතේ පමණක් ඔබ
ජීවත් වෙන්න
බුදු සමිඳුන් දෙසූ විලස
නිවැරැදි වෙන්න


වඳිමු බුදු හිමි

ඉසිකෝ මාන දුරැ කළ සම්බුදු රුවන
මහනෙල් මල් සුවඳ සිරි මුවගෙහි රැඳුන
තරු පිරි සඳක් සේ නිල් අහසෙහි දිලුන
නළලත බිම තබා නමදිමු බැති සිතින

ලෝ සත වෙතට පෑ මෙත් ගුණ නැතිය නි මා
දෙතිසක් මහා පුරුෂ ලක්ෂණ ලැබු උතු මා
දෙවියන් බඹුන් පැරදූ රුව ලැබු කදිමා
බුදු බව ලබා ලෝ සත්දුක කළේ නිමා

දෙව් බඹ පිරිස් පැමිණියෙ මැදියමේ ක ල
සිරි සඳහම් තුටින් ඇසුවේ සුරන් කැ ළ
ලෝකය දෙස බැලුවෙ අරුණලු නැඟෙන ක ල
බුදු රැස් මඩුලු විහිදුණි බුදු කුටිය තු ළ

හෝරාවක් පමණි ලැබුවේ සුව නින්ද
දස බල මුනිදු ලොව වෙනුවෙන් දුක් වින්ද
දොරගුලු වසා නිරයට යන මඟ සින්ද
දෙසු දම් ලොව ම පැතිරුණි කර නින්නාද


අප්පච්චී...

කුඹුරු කොටා ගොයම් හැදු අපේ අප්පච්චි
හේන් කොටා තල කුරහන් වැව් අප්පච්චි
ගමෙන් එපිට තැන්තැන්වල ගිය අප්පච්චි
අතින් හිසින් බඩු මලු ගෙන ආ අප්පච්චි

උඩරට සිට රජරටටත් ගිය අප්පච්චි
ගහේ වැලේ ඇලේ දොලේ ගිය අප්පච්චී
උදයට බී කහට උගුර කුඹුරට වෙච්චි
දහවල් බත්ටික කනවිට අඳුර වැටිච්චි

හේනේ පැලේ පැල් රැක්කේ අපි එකට
කමතේ පැලේ බැත රැක්කේ අපි එකට
මහ ඇලේ ගිහින් දිය බැන්දේ මහ රෑ එකට
හාමතේ ඉඳන් වුව කැව්වා බත් පත අපට

රෝගි වෙලා ගියමුත් රෝහල වෙත
වැඩපල හා අප ගැන යොමුවුණේ සිත
නෙත සිත යෙදුමුත් වෙදදුරු ඔහු වෙත
සුවයක් ලැබුවෙ නැහැ පියතුමගෙ ගත

පැතුවේ සුව වෙන්න කියා අපේ අප්පච්චිට
සිතුවේ සුවවේවි කියා රෝගය නම් හිමිහිට
සුපුරුදු පරිදි ගියමුත් මහ රෑ නින්දට
අලුයම ගිහින් අපහැර වෙන ලොවකට

නිසිලෙස ගත්තෙ නැහැ අහරක් සිය කුසට
අසනීපයක් දැනුණත් නැහැ ගත්තේ ගණනට
සිතුවේ විඳින බව දුක් දරුවන් ඔහු සුව කිරීමට
පැතුවේ දියුණුවයි මතු අපෙ දුක් නිවන්නට


අම්මා

ඉර පායා ඉර මුදුනට නැඟ ආවත්
සඳ පායා සඳ මුදුනට නැඟ ආවත්
කුරුලු කෙවිලියන් කොපමණ ගී කීවත්
අම්මා නැතිව මොන සුවය ද කවදාවත්

දෙවැට දිගේ නිල් කටරොලු මල් පිපී තිබුණත්
කිංකිණි හඬින් දොළ පාරක් බැස ආවත්
තුරු වදුල පිස ගෙන මද නල ආවත්
අම්මා නැති අඩුව පුරවන්නට බැහැ කවදාවත්


දුවේ පුතේ

රාහුල පොඩි හාමුදුරුවො වැලි කැට ගණනට ඔවදන් ඉල්ලූ සේක
දුවේ පුතේ අපිත් වැඩිහිටි අවවාද පිළිගමු හැම දාක
උපන් බිමයි හැදූ මවයි රැක ගනිමින් සැම දින ක
ජාතියේ පහන්සිළු වෙමු නොනිවෙන කිසි දා ක