Print this Article


යුදඟනාව ජාත්‍යන්තර භාවනා උයනේ ඉදිකිරීම් ඇරඹේ

යුදඟනාව ජාත්‍යන්තර භාවනා උයනේ ඉදිකිරීම් ඇරඹේ

බුත්තල ඓතිහාසික යුදඟනාව රාජමහා විහාර පරිශ්‍රයේ අභිනවයෙන් ඉදිකෙරෙන ජාත්‍යන්තර භාවනා උයනේ වැඩ ආරම්භ කිරීම පසුගිය දා සිදුකෙරිණි.

ශ්‍රී සිද්ධාර්ථ ගෞතම චිත්‍රපටයේ සිද්ධාර්ථ චරිතයට පණ පෙවූ ඉන්දියානු ජනප්‍රිය නළු ගගන් මලික් මහතා ඇතුළු ඉන්දියානු දූත පිරිසකගේ සහභාගීත්වයෙන් මුල්ගල තැබීම යුදඟනා සෑ රදුන් අභියස දී සිදුකෙරිණි.

ඊට සමගාමීව සර්වඥ ධාතුන් වහන්සේ ප්‍රදර්ශනයක් ද සිදුකෙරිණි.

ඌව වෙල්ලස්ස දෙදිසාවේ ප්‍රධාන සංඝනායක බුත්තල යුදඟනාව රාජමහා විහාරාධිපති ශාස්ත්‍රපති පණ්ඩිත ගල්ටැම්වත්තේ නන්දරතන,මොනරාගල දිස්ත්‍රික්කයේ ප්‍රධාන සංඝනායක ඔක්කම්පිටිය දෙමටමල් විහාරාධිපති ගල්ටැම්වත්තේ පුඤ්ඤානන්ද යන ස්වාමීන් වහන්සේ ප්‍රමුඛ මහා සංඝරත්නය සහ බුත්තල ප්‍රාදේශීය ලේකම් ඇතුළු විශාල පිරිසක් මෙම පින්කමට සහභාගී වූහ.