Print this Article


බොදු පුවත් (ඡායාරූප)
 

අනගාරික ධර්මපාලතුමන්ගේ 159 වැනි ජන්ම දිනය නිමිත්තෙන් “බෝසත් දම්පල් හරසර වන්දනාව“ ඉන්දියානු මහාබෝධි සමාගමේ මූලිකත්වයෙන් මහ ලේකම් සීවලී නාහිමි, රත්මල්වල සුමිත්තානන්ද හිමි, අතුළු හිමිවරුන්ගේ සහභාගීත්වයෙන් පැවැත්විණි. බෞද්ධයා මාධ්‍ය ජාලයේ සභාපති බොරලන්දේ වජිරඥාන හිමියන්ගේ අනුශාසකත්වයෙන් පසුගිය 17 වැනිදා බරණැස දී එම කටයුතු සංවිධානය කෙරිණි. මෙම උතුම් පින්කම අනගාරික ධර්මපාලතුමාගේ ගුණ සිහිකරමින් මූලගන්ධකුටි විහාරයේ දී සහ එතුමා බොහෝ කාලයක් දිවි ගෙවූ බරණැස පුදබිමේදී පැවැත්වුණි.