Print this Article


70 වැනි ජන්ම දිනය සපුරන ගැටමාන්නේ ශාසනරතන නා හිමියෝ

70 වැනි ජන්ම දිනය සපුරන ගැටමාන්නේ ශාසනරතන නා හිමියෝ

1953.03.19 වැනි දින විතාරණ කංකානම්ගේ ගුණපාල ලෙස නම් ලැබු කුමරුවා උපත ලබා ඇත. ගැටමාන්නේ විජය මහා විද්‍යාලයට ඇතුළත් 5 වසර දක්වා ඉගෙනීමෙන් පසු මහණදම් පිරීමට අවැස ියැයි පැවසීම නිසාවෙන් බෙලිඅත්ත සිරි සුනන්ද මහා විාහරාධිපති වලකන්දේ ධම්මාවාස නාහිමි වෙත 1964 දී භාර කරන ලදී.

1965.10.22 වැනි දින ගැටමාන්නේ ශාසනරතන යන නමින් පැවිදි දිවියට ඇතුළත් විය. 1974 දී කළුතර උදකුක්ඛේප සීමා මාලකයේ දී උපසම්පදාවට පත් අප නා හිමියෝ 1984 වසරේ ගුරුදේව රාජකීය පණ්ඩිත ඔවිලානේ ධම්මරංසි හිමිගේ අපවත් වීමත් සමඟ තත් විහාරස්ථානයේ වගකීම් සියල්ල භාර ගත්හ.

තම ශාසනික මෙහෙය ඉදිරියටත් ගෙනයාම සඳහා උගත් ශිෂ්‍ය පරපුරක් ද බිහිකොට ඇත. පරිසමාප්ත අයුරින් භික්ෂු ජීවිතය යථාර්ථයක් බවට පත් කරමින් මහ මෙහෙවරක් සිදු කරන අප ගැටමාන්නේ ශාසනරතන නා හිමියන් හට දීර්ඝ ආයුෂ ප්‍රාර්ථනය කරමු.