Print this Article


පිරිවෙන් අධ්‍යාපන අධ්‍යක්ෂ ජනරාල් කුඹල්ගොඩ ධම්මාලෝක නාහිමි

පිරිවෙන් අධ්‍යාපන අධ්‍යක්ෂ ජනරාල් කුඹල්ගොඩ ධම්මාලෝක නාහිමි

2023 මැයි 29 වන දින පිරිවෙන් අධ්‍යාපන අධ්‍යක්ෂ ජනරාල් ධුරයේ වැඩ භාර ගත් ආචාර්ය කුඹල්ගොඩ ධම්මාලෝක නාහිමිපාණෝ පිරිවෙන් ක්ෂේත්‍රයේ අභිවෘද්ධිය උදෙසා තම කාර්යභාරය මැනවින් ඉටුකරමින් සිටිති. මේ වන විටත් පිරිවෙන් අධ්‍යාපනයේ බොහෝ කාලයක් තිස්සේ නො විසඳුණූ ගැටලු රැසකට ඍජු විසඳුම් ලබා දෙමින් උන්වහන්සේගේ සේවය අගයනු වස් අප නාහිමිපාණෝ තම වගකීම් හඳුනාගෙන කටයුතු කරති.

ස්‍යාමෝපාලි මහා නිකායේ මල්වතු මහා විහාර පාර්ශ්වයේ ගිරුවාපත්තුව ඇතුළු ගාලු – මාතර දෙපළාතේ උප ප්‍රධාන සංඝනායක පදවිය ද පිරිනැමිණ. රුහුණු රට නිපන් ආචාර්ය කුඹල්ගොඩ ධම්මාලෝක නාහිමි වත්මන් පිරිවෙන් අධ්‍යාපන අධ්‍යක්ෂ ජනරාල් ධුරය හොබවමින් පිරිවෙන් අධ්‍යාපනය නඟා සිටුවීම උදෙසා කරනු ලබන මෙහෙවර දිනෙක රන් අකුරින් ලියවෙනු නො අනුමාන ය.