Print this Article


සභාපති පදවි ලබති

සභාපති පදවි ලබති

ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ අනුනායක නැදගමුවේ විජයමෛත්‍රී අනුනාහිමිපාණන් වහන්සේ අපවත් වීමෙන් පුරප්පාඩු වූ ගම්පහ දිස්ත්‍රික් ශාසනාරක්ෂක මණ්ඩලයේ සභාපති පදවිය සඳහා ඓතිහාසික අත්තනගල්ල රාජමහා විහාරාධිපති, සීනාදී සිව් කෝරළයේ ප්‍රධාන සංඝ නායක, උපාධ්‍යාය, ආචාර්ය පන්නිල ශ්‍රී ආනන්ද නාහිමිපාණන් වහන්සේ පත් වූ සේක.

මල්වතු විහාර පාර්ශ්වයේ බස්නාහිර පළාත් මහා සංඝ සභාව පිහිටුවීම, මහාවිහාර වංශික ස්‍යාමෝපාලි මහානිකායේ මල්වතු මහාවිහාර පාර්ශ්වයේ සංඝනායක පදවි හොබවන ශතාධික නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ ගෞරවනීය වැඩමවීමෙන් සිදු කරන ලද සඟ සමුළුව මහනුවර උපෝෂිත පුෂ්පාරාම විහාරද්වයාධිපති තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගලාභිධාන මහාවිහාර වංශික ස්‍යාමෝපාලි මහානිකායේ මහානායක ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ අවසරය පරිදි මල්වතු මහාවිහාර පාර්ශ්වයේ අනුනායක ආචාර්ය නියංගොඩ විජිතසිරි අනුනාහිමිපාණන් වහන්සේගේ ප්‍රධානත්වයෙන් මහා ලේඛකාධිකාරී ආචාර්ය පහමුණේ සුමංගල නාහිමියන්ගේ සහභාගීත්වයෙන් අගෝස්තු මස 26 වැනි දා රයිගම් කෝරළයේ ඓතිහාසික ඔලබොඩුව රාජමහා විහාරස්ථානයේ දී සාර්ථකව සිදු කරන ලදි.

මල්වතු මහාවිහාර පාර්ශ්වයේ බස්නාහිර පළාතේ මහා සංඝයා වහන්සේ අතර සංඝ සාමග්‍රිය ඇති කිරීම සේ ම බුද්ධ ශාසනයට බලපාන අණ පනත් ආදිය පිළිබඳ නාහිමිපාණන් වහන්සේ දැනුවත් කිරීමත් ඒ පිළිබඳ නාහිමිපාණන් වහන්සේගේ ප්‍රතිචාර සහ අදහස් ලබා ගැනීම, මූලස්ථානය වන මල්වතු මහාවිහාරය සමඟ සම්බන්ධතාවය ඉහළ නංවා ගැනීම ආදී අරමුණු රාශියක් මෙහිදී කතිකා කළ අතර මල්වතු මහාවිහාර පාර්ශ්වීය බස්නාහිර පළාත් මහා සංඝ සභාව පිහිටුවා ගැනීම ද මෙදින සිදු කෙරුණි.

විද්‍යොදය විද්‍යාලංකාර පරිවේණාධිපති නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ, කැලණි හා අත්තනගල්ල රජමහා විහාරාධිපති නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ, ආචාර්ය දිවියාගහ යසස්සි නාහිමිආදී බස්නාහිර පළාතේ ප්‍රධානතම නායක පදවි හොබවන නාහිමිපාණන් වහන්සේගේ අනුශාසනා සහ දිරි ගැන්වීම් මධ්‍යයේ බස්නාහිර පළාතේ ප්‍රධාන අධිකරණ සංඝනායක මහාචාර්ය අගලකඩ සිරිසුමන නාහිමිපාණන් වහන්සේගේ සහ ඔලබොඩුව රාජමහා විහාර භාරකාර, කොළඹ කළුතර දෙ දිසාවේ ප්‍රධාන අධිකරණ සංඝනායක ශාස්ත්‍රපති ඔලබොඩුවේ ධම්මික නාහිමියන්ගේ මෙහෙයවීමෙන් මෙම මහා සඟ සමුළුව පවත්වන ලදී.