Print this Article


තුම්බෝවිල සාධු දහම් පාසලේ ස්වර්ණ ජයන්ති සැමරුම් උළෙල

තුම්බෝවිල සාධු දහම් පාසලේ ස්වර්ණ ජයන්ති සැමරුම් උළෙල

තුම්බෝවිල සාධු දහම් පාසල ආරම්භ කොට වසර පනහක් සපිරීම නිමිත්තෙන් පවත්වනු ලබන ස්වර්ණ ජයන්ති සැමරුම් උළෙල සැප්තැම්බර් මස 30 සෙනසුරාදා පිළියන්දල තුම්බෝවිල ශ්‍රී සද්ධර්මාරාම පුරාණ විහාරස්ථානයේ දී මල්වතු පාර්ශ්වයේ අනුනායක නියංගොඩ විජිතසිරි අනුනාහිමිපාණන් වහන්සේගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට නියමිතව තිබුණි. මැටරඹ හේමරතන නාහිමි, පන්නිල ආනන්ද නාහිමි, වැලමිටියාවේ ඤාණරතන නාහිමි, මහාචාර්ය කුඹුරුගමුවේ වජිර හිමි, අතපත්තුකන්දේ ආනන්ද නාහිමි, බලපිටියේ සිරි සීවලී නාහිමි ඇතුළු මහා සංඝරත්නය, විදේශ තානාපතිවරුන්, කොළඹ රාජකීය, නාලන්දා, පන්නිපිටිය ධර්මපාල විද්‍යාලවල විදුහල්පතිවරුන් ඇතුළු සම්භාවනීය අමුත්තන් මීට සහභාගී වීමට නියමිත අතර ප්‍රධානාචාර්ය තුම්බෝවිල ධම්මරතන නාහිමියන්ගේ අනුශාසනා පරිදි උත්සවය සංවිධානය කෙරේ. පදවිගම්පොල ගුණානන්ද නාහිමිපාණන් සහ සී. ඩී. කොළඹගේ මැතිතුමාගේ මූලිකත්වයෙන් 1973 සැප්තැම්බර් 30 වන දින ආරම්භ වූ මෙම දහම් පාසල මේ වන විට සිංහල හා ඉංග්‍රීසි මාධ්‍ය දෙකෙන් ම ක්‍රියාත්මක වන දහසකට අධික සිසුන් සංඛ්‍යාවක් අධ්‍යාපනය ලබන දහම් පාසලකි.