Print this Article


මහනුවර ශ්‍රී දළදා පූජා පින්කම් මාලාව

මහනුවර ශ්‍රී දළදා පූජා පින්කම් මාලාව

ශ්‍රී දළදා පූජාව සහිත විශේෂ පින්කම් මාලාව 40 වැනි වරටත් සීදූව රද්දොළුව ශ්‍රී අමර මහා විහාරාධිපති, අමරපුර මහා නිකායේ අමරපුර පාර්ශ්වයේ බස්නාහිර පළාතේ ප්‍රධාන සංඝනායක, පණ්ඩිත ගෞරව ශාස්ත්‍රවේදී සීදූවේ සුමනවංස නාහිමි විසින් මහනුවර ශ්‍රී දළදා මාළිගාවේ පැවැත්වීමට කටයුතු යොදා ඇත.

වාර්ෂිකව ශ්‍රී දළදා පූජාව සහිත විශේෂ පින්කම් මාලාව ඔක්තෝබර් මස 05 සහ 06 යන දිනයන්හි පැවැත්වීමට කටයුතු සලසා ඇත.

එදින රාත්‍රී 07.00 ශ්‍රී දළදා වහන්සේ උදෙසා අෂ්ටපාන සහිත ගිලන්පස බුද්ධ පූජාව හා පසුදින අලුයම 06.00 ට කිරි ආහාර පූජාව, ඔක්තෝබර් මස 06 වෙනි සිකුරාදා දින පෙරවරු 10.00ට ශ්‍රී දළදා වහන්සේ උදෙසා මුල්තැන් බුද්ධ පූජාව පැවැත්වීම, එදින දවල් 11.00ට මල්වතු අස්ගිරි මහානායක මාහිමිපාණන් වහන්සේ ප්‍රධාන ත්‍රෛනිකායික  ගරුතර මහා සංඝරත්නය 100ක් නමක් විෂයයෙහි අටපිරිකර 100ක් සහිත සෙසු පිරිකර සමඟින් දහවල් සඟසතු මහා දානමය පින්කම පැවැත්වේ. ඔක්තෝබර් මස 06 වෙනි දිනට යෙදෙන සීදුවේ සුමනවංස නාහිමියන්ගේ ජන්ම දිනයට සමගාමීව මෙම පින්කම පැවැත්වේ.